LATEST NEWS
Search

ඔබගේ සමේ තරුණ පෙනුම රැක ගැනීම සදහා සත්කාර 05ක්

969

ඔබගේ සම පිරිසිදු කරගන්න.

විවිධාකාර ආලේපන සමග නින්දට යාම සමට කිසි සේත්ම සුදුසු නොවේ. එමගින් ඔබගේ සමේ සිදුරු අවහිර වන අතර විවිධ පෝෂණ ද්‍රව්‍ය අවශෝෂණය කිරීමද අපහසු වේ. සමේ ඇති විවිධ මේකප් ආලේපන ඉවත් කිරීම සදහා සුදුසු ෆේස් වොෂ් වර්ගයක් යොදා ගන්න.
ඔබගේ සම පිරිසිදු කරගැනීම සදහා ඔබට එඩරු තෙල් භාවිතා කරන්නට පුළුවන්.

ආමන්ඩ් තෙල්, පොල්තෙල් හෝ ඔබ කැමති තෙල් වර්ගයක් සමග එඩරු තෙල් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. එය මුහුණ ක්ෂණිකව ඉතා හොදින් පිරිසිදු කරවයි.

මෙම තෙල් මිශ්‍රණය ඔබගේ මුහුණේ ගල්වා හොදින් සම්බාහනය කරන්න. ඉන් පසු උණුසුම් ජලයේ පොගවන ලද රෙදි කැබැල්ලක් මගින් මුහුණ ආවරණය කරගන්න. එමගින් මුහුණේ ඇති සිදුරු විවර වීම සිදු වේ.

ඇතිල්ලිමකින් තොරව උණුවතුර රෙදි කැබැල්ලෙන් හොදින් මුහුණ පිසදමන්න. එමගින් මුහුණේ මැරුණු සයිල ඉවත් වන අතර සියලුම විෂබීජ සහ බැක්ටීරියා ඉවත් වීමද සිදු වේ.

සමට ටෝනර් එකක් භාවිතා කරන්න – ටෝනර් වර්ග භාවිතා කරන විට ඔබගේ සමේ සිදුරු වල ප්‍රමාණය කුඩා වන අතර සමේ පීච් අගයද සමබර කරවයි. එමගින් සැමට අමතර පෝෂණයක් සපයන අතර සම නැවුම්ව තබා ගැනීමටද උපකාරී වේ. ඔබට අවශ්‍ය ස්වභාවික ටෝනර් එකක් නම් ඒ සදහා රෝස වතුර භාවිතා කරන්න. රෝස වතුර ඕනෑම සමකට ගැලපෙන ස්වභාවික ටෝනර් එකකි. පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ සහ ගෙලේ රෝස වතුර තවරන්න.

වයස්ගත වීම පාලනය කරවන ක්‍රීම් වර්ග – ඔබගේ වයස්ගත වීම සහ වෙහෙසකර බව පාලනය වන ආලේපන දිනපතා භාවිතා කරන්න. මේ සදහා ඔබට ගස්ලබු, අලි ගැට පේර වැනි පලතුරු වර්ග බ්ලෙන්ඩර් කර භාවිතා කරන්නට පුළුවන්. එමෙන්ම මී පැණි සහ දෙහිද ඔබගේ සම වියපත් වීම වලක්වන ස්වාභාවික ද්‍රව්‍ය වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *