LATEST NEWS
Search

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරයි

242

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

මහා සංඝරත්නය ප්‍රමුඛව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදුකරන බවත්, ත්‍රිපිටකය නොමැති සෑම විහාරස්ථානයකටම ත්‍රිපිටකය ලබාදීමටත් කටයුතු කරන බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

ත්‍රිපිටකය ලෝකයේ මුල්වරට තල්පත්වල ලේඛනාරූඪ කරනු ලැබුවේ ක්‍රි.පූ. 1 වන සියවසේ මාතලේ අලුවිහාරේදී බවත් 05 වනදින ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ උත්සවයද මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බවද ප්‍රාකාශ කරා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *