ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කෙරේ

368

ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි ත‍්‍රිපිටකයේ කරුණු වෙනස් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.

බුද්ධ ධර්මය විකෘති කිරීම වැළැක්වීම සඳහා ඉදිරියේදී තවත් පියවර රැසක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කරනු ලැබුවා.

ලබන 05 වැනිදා ජනාධිපතිවරයා විසින් ජාතික උරුමයක් බවට පත් කරන ත‍්‍රිපිටකය ශාසනයට පූජා කිරීම සිදු කරනු ලබන බවද අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *