LATEST NEWS
Search

ලෝකයේ විශාලතම සුනඛයන්ගේ ලැයිස්තුවේ පලවෙනියා මෙන්න

730

ඉංග්ලිෂ් මැස්ටිෆ්

සමස්ත සුනඛ සංහතිය සමඟ සසඳන විට ඉංග්ලිෂ් මැස්ටිෆ් ලෝකයේ විශාලතම සුනඛයා බව තහවුරු වෙනවා. මෙම සුනඛයා ඉපැරැණි ඇලෝන්ට් සහ පග්නේෂස් බි්‍රටැනියා වර්ගයේ සුනඛ පරපුරෙන් පැවැතෙන්නෙකැයි සලකනු ලැබෙනවා. සුරතලකු වශයෙන්ද ජනප්‍රිය මැස්ටිෆ් ගොවි පොළවල බහුලව රඳවා ගනු ලැබෙනවා.

මෙම වර්ගයේ බල්ලකු බරින් රාත්තල් 150-250 පමණ වන අතර බැල්ලකගේ බර රාත්තල් 120-180ක් පමණ වෙනවා. ඉංග්ලිෂ් මැස්ටිෆ් වර්ගයට අයත් ශෝබා නමැති බල්ලා දිගින් සහ බරින් වැඩිම බල්ලා වශයෙන් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත්ව තිබෙන අතර ඒ 1989 නොවැම්බර් මාසයේදීය. රෝමවරුන්, ලොකු සිරුරු සහිත මැස්ටිෆ් සුනඛයන් සටන් සඳහා යොදා ගත් බවද වාර්තා වී තිබෙනවා.

ඉංග්ලිෂ් මැස්ටිෆ් නම් මෙම සුනඛයා බුරන්නේ ඉතා අඩුවෙන්. එහෙත් අවටින් එල්ල විය හැකි තර්ජන ඉවෙන් හඳුනා ගැනීමේ විශේෂ දක්ෂතාවක් මෙයාට තියෙනවා.

ඉංග්ලිෂ් මැස්ටිෆ් ලෝකයේ උසින් වැඩිම සුනඛයා වුණේ නැතත් ශරීර ස්කන්ධයෙන් විශාලතමයාය. එංගලන්තයෙන් බිහි වූ මෙම සුනඛ සංහතිය අවුරුදු සිය ගණනක් තිස්සේ මුර බල්ලන්ගේ සේවය ඉටු කළා.

මෙම වර්ගයේ බල්ලන්ගේ ලෝම ආවරණය සිනිඳුයි. මෙයාගෙ ලොම් කෙටිය. මෙයා කහ මුසු ළා දුඹුරු පැහැතිය. තැනින් තැන කළු තිත් වැටී තිබෙනවා. මෙම සුනඛයාගේ හිස ලොකුය. සිරුර පුළුල්ය. ඇග මහතය.

සංසුන් හැසිරීමත්, ස්වාමියා කෙරෙහි දක්වන අවනත භාවයත් අතින් මේ සුනඛයා ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ළමයින් හා නිවෙසක අනෙක් සුරතල් සතුන් අතර රැඳවීමට ඉතා යෝග්‍ය සතෙකි. මුගේ දඩබ්බර හැසිරීමත් ස්වභාව ධර්මයට දක්වන සංවේදීතාවත් නිසා මූ යමකට පුහුණු කිරීම ඉතා අසීරුයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *