ෆේස්බුක් එන අය නොකළ යුතු දේවල් 10ක්

358

ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට ගොඩක් ජනප්‍රිය සමාජ ජාලා වෙබ් අඩවියක් කියන්න හැමෝම දන්නවා. ෆේස්බුක් නිසා ගොඩක් දෙනෙක්ගෙ ජීවිත පවා නොහිතපු විදිහට වෙනස් වෙන්නෙ භාවිතා කිරීමේ නොදැනුවත්කම නිසයි.ඉතින් සිලෝන් මැගසින් අපි හිතුවා ෆේස්බුක් භාවිතා කරනකොට නොකළ යුතු දේවල් කිහිපයක් ගැන ඔයාට මතක් කරන්න.

01. පෞද්ගලිකත්වය වෝල් එක මත දිග හරින්න එපා..!

ෆේස්බුක් පාවිච්චි කරන ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි තමන්ගෙ පෞද්ගලිකත්වය තමන්ගෙ වෝල් එක මත දිග හරින එක. ඔබ නොදනුවත්වා එයින් ඔබ කවුද යන වග පිටස්තර අය දැනගන්නවා වගේම ඒ දේවල් පස්සෙ කාලෙක ඔයාගෙම නරකට හිටින එකේ අවධානම වැඩියි.

02. අනවශ්‍ය ලෙස ඡායාරූප එක් කරන්න එපා..!

නිතර නිතර තමන්ගෙ ඡායාරූප ෆේස්බුක් වෙත එක් කිරීමෙන් ඔබගේ පෞද්ගලිකත්වයට හානි විය හැකියි. ෆේක් එකවුන්ට් සඳහා ඔබේ ඡායාරූප භාවිතා කිරීමේ අවධානයද මෙමගින් වැඩි වෙනවා.

03. නොදන්න අය ගිණුමට එක් කරගැනීමේදී ප්‍රවේශම් වෙන්න

නන්නාදුනන පුද්ගලයින් ඔබේ ගිණුමට එක් කරගන්නා විට ප්‍රවේශම් වෙන්න.

04. පෞදගලික තොරතුරු ගිණුමට එක් නොකරන්න

පෞද්ගලික තොරතුරු විශේෂයෙන්ම ෆෝන් නම්බර් වගේ දේවල් ගිණුමට එක් කිරීමෙන් වළකින්න.

05. ගමන් යන විට ඒ බව දැනුම් දෙන්න එපා

එවිට ඔබගේ නිවෙස් ආදිය දන්නා අයට සොරුන්ට පහසුවෙන් ඔබ නිවසේ නැති බව හඳුනා ගැනීමට හැකිවෙනවා.

06.කාටවත් මඩ ගහන්න එපා

ෆේස්බුක් භාවිතා කරන ගොඩක් අය අද වෙනකොට කරන දෙයක් තමයි විවිධ මඩ ගැසීම් වල නිරත වෙන එක. ඒ දෙයින් ඔබ නොදැන තවත් එක් සිතක් අපමණ දුක් විදිනවා විය හැකියි.

07. කුණුහරප භාවිතා නොකරන්න

ඉන් ඔබගේ ප්‍රතිරූපය ඔබ නොදැනුවත්වම බිඳ වැටෙනු ඇති.

08. ප්‍රේම සම්බඳතා පැවැත්වීමේදී දෙවරක් සිතන්න

ඔබ ෆේස්බුක් මගින් හඳුනාගත් අයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්නේ නම් ඒ ගැන කිහිප වරක්ම සිතන්න. මන්ද ඔබ දකින ස්වරූපය ඔහුගේ හෝ ඇයගේ සැබෑ ස්වරූපය විය හැකියි.

09. ඡායාරූප එක් කරන විට සැලකිලිමත් වන්න

එම හායාරූප අතර ඔබගේ නිරුවත හෝ අඩුපාඩු පෙන්වන ඒවා ඇත්නම් ඒවා අවභාවිතා කිරීමේ හැකියාව ඇත.

10. ඔබ ශෙයා කරන දෑ පිළිබඳව දැනගෙන ශෙයා කරන්න.

හරි වරද තේරුම් ගෙන ඔබ හුවමාරු කරන පණිවිඩ හුවමාරු කර ගැනීම සිදු කරන්න. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි දෙයක් සමාජ ගත කළොත් ඉන් සමාජයට සිදු වන්නේ අවැඩකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *