දූරියන් ගැන ඔබ නොදත් කතා

740

දූරියන් හඳුන්වන්නෙ පළතුරු ලොවේ රජ්ජුරො කියලා. ගොඩක් අය දූරියන් කන්න කැමතියි වගේම දූරියන් වලට අකමැති අයත් ඉන්නවා.දූරියන් ගැන ඔයා නොදන්න කතා ටිකක් කියන්න තමයි අද මේ අපේ සූදානම.

අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට තිබෙනවා.

දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් – 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වෙනවා. එම කාලය තුළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍යපදාර්ත නිසි පරිදි ලබා ගන්න පුළුවන්.

දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වෙනවා වගේම ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරනවා.

මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි සහ දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී සිටිය හැකි වෙනවා.

ස‍ම පැහැපත් කිරීමට සහ නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා.

1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගෙන තිබෙනවා.මෙය බොටක් දූරියන් (තට්ට දූරියන්) ලෙස හදුන්වනවා.

සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් තමයි දූරියන්. මේවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකි වෙනවා.

දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඩ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

ඉතා ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *