වසරේ බුද්ධිමත්ම දරුවා ශ්‍රී ලාංකික දැරියක්..!

393

අයින්ස්ටයින් පරදවන බුද්ධි ඵලයක් ඇති, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 13 හැවිරිදි නිෂී උග්ගල්ලේ 2019 වසරේ බුද්ධිමත්ම දරුවා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව බ්‍රිතාන්‍යයේ උපත ලබා ඇති ඇය මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ දරුවන්ගේ බුද්ධිමය ගුණාත්මකභාවය මැන බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් පවත්වන ලද ‘Child Genius 2019 IQ’ නම් තරඟාවලියේදීය.

මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ නිශී දියණියගේ බුද්ධි ඵලය හෙවත් IQ මට්ටම ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ එම මට්ටම ඉක්මවා යන බවද, එය බ්‍රිතාන්‍යයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටම බවද ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ලොව විශාලතම බුද්ධි ඵල සමාජය වන මෙන්සා සමාජය ( Mensa honor society ) පවසා තිබීමයි.

ශ්‍රී ලාංකික අපට ආඩම්බරයක් ගෙනා නිශී දියණියට හද පිරි සුබ පැතුම්! අනාගතයේදී ඔබ තුලින් ලොව සුපතල ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරියක බිහි වනු දැකීම අපේ අභිප්‍රායයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *