පොෂ් වෙන්න සරල ක්‍රම 10ක්

2251

පොෂ් වෙනවා කියන එක ගොඩක් අය තේරුම් අරන් තියෙන විදිහ හරිම වැරදි වුණත්, අපි හිතුවා ඒ අයගෙ තාලෙට පොෂ් වෙන්න පුළුවන් සරල ක්‍රම 10ක් ගැන ඔයාට කියන්න.

1. ඇපල් ෆෝන් එකකින් මිරර් සෙල්ෆියක් ගන්න

ඔයා ලඟ ඇපල් ෆෝන් එකක් නැත්නම් වෙන කෙනෙක්ගෙන් හරි ඉල්ලගෙන මිරර් සෙල්ෆියක්, එහෙමත් නැත්නම් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් මිරර් සෙල්ෆියක් අරගෙන ඒවා ෆේස්බුක් , ඉන්ස්ට්‍රග්‍රෑම් එකී මෙකී නොකී මීඩියා වල අප්ලෝඩ් කරන්න.මූණ නොපෙනුනත් ෆෝන් එක පෙනීම ප්‍රමාණවත්.

2. පුළුවන් තරම් English  වචන භාවිතා කරමින් කතා කරන්න.

ඔයාට සම්පූර්ණයෙන්ම ඉන්ග්‍රීසි කතා කරන්න බැරි වුණත් දන්න තරම් English  වචන පාවිච්චි කරලා කතා කරන්න.

3.කන කෑම, බීම වල ෆොටෝ අප්ලෝඩ් කරන්න

මොන කෑමක් කෑවත් ලස්සනට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන ගමන්  yummy , home made , love it, taste  වැනි හෑෂ් ටැග් එකතු කරන්න.

4. හැකිතාක් English post ශෙයා කරන්න

පුළුවන් තරම් English pos ශෙයා කරමින් තමන් ඒවා පිළිපදින බව අඟවන්න.

5. ස්නැප්චැට් භාවිතා කරමින් බල්ලන් පූසන් මෙන් ෆොටෝ ගසා පෝස්ට් දමන්න.

ස්නැප්චැට් භාවිතා කරමින් මූණ ඇද කර කර ෆොටෝ ගන්න.ස්නැප්චැට් නැත්නම් අදම අප්ලෝඩ් කරන්න.

6. KFC, Pizza hut ගොස් සෙල්ෆි ගසා අප්ලෝඩ් කරන්න.

7. ටික්ටොක් වීඩියෝ කරන්න

ටික්ටොක් කර ඒවා ඔබේ ගිණුම් වල අප්ලෝඩ් කරන්න

8. විශේෂ දවස වලට ඒ ගැන කියමින් පෝස්ට් දමන්න.
උදා: මදර්ස් ඩේ, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ

9. ඉතා සන්වේදී කෙනෙක් බව ඒත්තුගන්වන්න.

10.අනුන්ගේ වාහනයක් හරි ඉල්ලන් සුක්කානම පෙනෙන ලෙස ෆොටෝ දමන්න.

හරි දැන් ඔයත් පොෂ්

උපහාසයට පමණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *