ඇබ්බැහි වෙනවා නම් ඇබ්බැහි වෙන්න හොඳම දේ මෙන්න

397

ජීවිතේ ඕනිම කෙනෙක්ට එනවා හරි අමාරු කාල පරිච්ඡ්ද..ඒවා අපි කැමති වුණත් අකමැති වුණත් අමාරු වුණත් ලේසි වුණත් ගෙවලා දාන්නම ඕනි. අන්න එහෙම වුණ කාල වලදි හැම කෙනෙක්ටම එනවා මොහොතක්.. ඒ තමයි තනිකමේ මොහොත.

ගොඩක් අය මේ තනිකම භාරගන්නෙම හරි අමාරු, අපුල පිළිලයක් විදිහට. ඒ තනිකම පේන්නෙ ටික ටික මරලා දාන්න හදන යකෙක් ගාණට. එත් කීයෙන් කී දෙනාටද පුළුවන් ඒ තනුකමෙනුත් ආතල් එකක් ගන්න ?

ජීවිතේ අපි වෙන ඇබ්බැහිවීම් ගොඩක් තියෙනවා. හැම මනුස්සයෙක්ම මොනවා හරි දේකට ඇබ්බැහි වෙනවා කියන්නෙ තනිකමේ අතුරු ප්‍රතිපලයක්.

සමහරු බොන්න ඇබ්බැහි වෙනවා, සමහරු කාලෙ කන්න ඇබ්බැහි වෙනවා, සමහරි වැරදි සම්බන්ධතා වලට ඇබ්බැහි වෙනවා. ඒත් ඔයා කවදාවත් පොත් වලට ඇබ්බැහි වෙලා බලලා තියෙනවද ? පුළුවන් නම් ඇබ්බැහි වෙලා බලන්න පොතක් දෙකක් කියවනකොට ඔයාට වෙනම එකක් දැනෙනවා, ඒ පොත දෙක පොත් දහය, විස්ස, පනහා ඉක්මවලා යනකොට ඔයාට හිතාගන්නවත් බැරි වෙනසක් ඔයාගෙ ඇතුළෙන් ගොඩනැගිලා ඇති. ඉතින් අහුවෙන හැම එකම තනිකමට බෙහෙතක් විදිහට කියවලම බලන්න..

උදේනි පෙරේරා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *