මේ රටේ නායකයන්ට කොන්ද පන නෑ – කාදිනල් හිමි

424

අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස තුනක් ගත වී තිබෙනවා. නමුත් මේ වනතුරුත් වගකිව යුතු පාර්ශවයන් වෙත දඬුවම් හමු වී නැහැ.

ඉරිදා දිනයක් වන අද දිනයේදී කටුවාපිටිය පල්ලියේ ආගමික කටයුතු අද ආරම්භ කරනු ලැබුවා. ඒ යුධ හමුදාවේ විශේෂ පරීක්ෂාවක් යටතේයි.

එහිදී අදහස් දැක්වූ අතිගරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන් කියා සිටියේ මෙවැන්නක්.

”මේ ක්‍රියාවලියේදී නායකො කකුලෙන් අදින්න එපා. මේ රටේ නායකයන්ට කොන්ද පන නෑ. ජාත්‍යන්තරේ ඕනා එපා ඉෂ්ඨ කරන්න යනවා.

එක් ජාතීන්ගේ කමිටුව ,මානව හිමිකම් කමිටු, එන්ජීඕ සන්තෝස කරන්න මේ කටයුතු හිතා මතාම අඩපන කරලා තියෙනවා.

වගකිව යුතු පුද්ගලයින්ව නිදහස් කරලා තියෙනවා. මාවනැල්ලෙ බුදුප්ලිම කඩපු සැකකාරයො නිදහස් කරලා. ඔත්තුව දීපු කෙනාට වෙඩි තිබ්බා. මේ නායකයො තොරතුරු ගනන් ගත්තෙ නෑ.

හොඳට ඇවිද ගිය අය ඇඳකට සීමා වුණේ, රෝද පුටුවකට සීමා වුණේ ඒ වැඩකට නැති නායකයො නිසයි.

රට පාලනය කරන්න බැරිනම් වැඩක් බලාගෙන ගෙදර යන්න. කරන්න පුළුවන් කෙනෙක්ට ඉඩ දෙන්න.

ඒ වගේම විවිධ අයුරින් සහය දුන් ත්‍රිවිද හමුදාවට, පොලිසියට, සහයෝගය දුන් සැමට ස්තූතියි.”

යනුවෙන් උන් වහන්සේ වැඩිදුරටත් එහිදී අදහස් පල කරා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *