වර්තමානයේ රටට අවශ්‍යවන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙළක් ලෙස මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති පුද්ගලයින්ට ජනාධිපතිවරණයක් ජය ගැනීමට නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ එතුමා සඳහන් කර සිටියේ මෙවැන්නක්.
“මේ රටේ ජනාධිපතිවරණයට ඕ ලෙවෙල්, ඒ ලෙවෙල්වත් සමත් නැති..පවුලේ සාමාජිකයෝ හතර පස් දෙනෙක් එකතු කරගෙන අපේ අපේක්ෂකයා මෙයා කියලා ඡන්දෙට දාලා ඡන්දයක් කරන අය මේ රටේ දැන උගත් සමාජයට කරන්නේ අපහාසයක්. අද මේ රටට අවශ්‍ය වන්නේ වාද විවාදවල පැටලෙන්නේ නැතුව රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් සමාජ දේශපාලන බලවේගයක්.