කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කුරුණෑගල නගරයේදී අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වී තිබෙනවා.
මේ විරෝධතාව නිසාවෙන් කුරුණෑගල, නාවින්න මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක්ද පැවති බවයි වාර්තා වෙන්නේ.