ලස්සනට ඉන්න මේ දේවල් අදම කරන්න

837

ලස්සනට ඉන්න කවුද අකමැති. ඒත් ලස්සන වෙනුවෙන් වියදම් කරන්න බැරි නිසාම උපන් විදිහ හොඳයි කියලා ගොඩක් අය ඉන්න විදිහටම ඔහේ ඉන්නවා. ඒත් ලස්සන කියන්නෙ එහෙම ලක්ෂ ගණන් වියදම් කරලා කරන්න ඕනි දෙයක් නෙවෙයි. අපි හැමෝගෙම මොකක් හරි ලස්සනක් තියෙනවා. ඒත් ඒ තියෙන ලස්සනත් තවත් වැඩි කරගන්න ඔයාලට පුළුවන් මේ වගේ දේවල් ටිකක් කරලා බලන්න.

1. වතුර බොන්න

වතුර කියන්නෙ එහෙම වියදම් කරලා ගන්න ඕනි දෙයක් නෙවෙයිනෙ. ඒ වගේම මේ ලෝකෙ තියෙන රසම සහ වටිනම බීම තමයි වතුර කියලා කියන්නෙ. ඒත් අපි අවසානවකට වතුර අවශ්‍ය ප්‍රමාණය අපේ ශරීර වලට ලබා දෙන්නෙ නෑ. දවසට අවම වතුර ලීටර 8ක් වත් අපේ ශරීරයට අවශ්‍යයි. ඔයා එහෙම ලීටර් 8 ක් තියා ලීටරයක්වත් දවසකට බොනවද ?

2. ආර්ටිෆිශල් කෑම වෙනුවට ගෙදර කෑම

අපි හැමෝම වගේ ගොඩක් වෙලාවට කැමති කඩෙන් කෑම කන්න. ඒ වගේම ශෝර්ට් ඊට්ස් වගේ ක්ෂණික ආහාර ආහාරයට ගන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඒත් අපි ඒ වගේ කෑම වලින් හැකිතාක් වැලකී ඉන්නවා නම් අපි ලස්සන වෙනවා විතරක් නෙවෙයි හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් අපිට ලබා ගන්න පුළුවන්. අධිකව මහත් වෙලා ලෙඩ හැදෙන්න මූලික හේතුවක් තමයි අනවශ්‍ය ආහාර.

3. ගෙදර තියෙන දේවල් වලින්ම ලස්සන වෙමු

රූපලාවන්‍ය දේවල් වලට අධික වියදම් නිසා ගොඩක් අය ඒ දේවල් වැඩිය පාවිච්චි නොකර ඉන්නවා. ඒත් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්ම අපිට රූපලාවන්‍ය කටයුතු කරගන්න පුළුවන්. අමු කහ, කෝමාරිකා, දෙහි, කොහොඹ, යෝගට් කියන්නෙ අන්න එහෙම සුළු රූපලාවන්‍යැ කටයුතු කරලා ලස්සන වෙන්න පුළුවන් දේවල්. යූ ටියුබ් එකේ සැරිසරලා බලන්න මේ වගේ සුළු දේවල් වලින් ලස්ස්න වෙන ක්‍රම දහස් ගාණක් තියෙනවා.

4. තමන්ටම ආවේණික විලාසිතා

හැමෝම කරන දේවල් නොකර තමන්ට ආවේණික විලාසිතා කරනවා කියන්නෙත් ඔයා අනිත් අය එක්ක බලනකොට ලස්සන ට පේන්න ක්‍රමයක්.

5.එකම කොණ්ඩ විලාසිතාව වෙනුවට දවසින් දවස වෙනස් වන කොණ්ඩා විලාසිතා කරන්න

ගොඩක් අයට එයාලට ආවේණික කොණ්ඩ විලාසිතා තියෙනවා. ඒ අය කරන්නෙම ඒ විලාසිතාවට කොටු වෙන එක. ඒ වෙනුවට දවසින් දවස වෙනස් කොණ්ඩ විලාසිතා කරනවා නම් අනිත් අයට වඩා කැපී පෙනෙන ලස්සනක් උදා කරගන්න පුළුවන්.

ලස්සන වෙන්න ලොකු ලොකු දේවල් නෑ. එක හිනාවකටත් පුළුවන් ඔයාව ලස්සන කෙනෙක් කරන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *