LATEST NEWS
Search

හඳුන්කූරු මේ තරම් මාරාන්තිකයි කියලා දැනගෙන හිටියද ?

672

මේ කාලෙ ලෙඩ හැදෙන්නෙ මොනවගෙන්ද, ලෙඩ හැදෙන්නෙ නැත්තෙ මොනවගෙන්ද කියලා හොයාගන්න බැරි තරම්. හඳුන්කූරු වල තිබෙන වුස සහිත බවක් පිළිබඳව සමාජයේ මේ දවස් වල කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ ගැන පර්යේෂණ පවා විදෙස් රට වල සිදු කරලා තියෙනවා. මේ ලිපිය කියවන ඔබත් හඳුන්කූරු භාවිතා කරන කෙනෙක් නම්, හඳුන්කූරු දුම ආෂ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න.

හඳුන්කූරු වල වාෂ්පශීලී කාබනික ස0යෝගය, පොලි ඇරෝමිටික්, හයිඩ්‍රොකාබන් ඇතුළු විස රසායනින සන්යෝග රාශියක් ඇතුළත් වෙනවා. ඒ නිසා මෙන්ම වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින එක්සත් රාජධානිය, යුරෝපා රටවල්, ස්කැන්ඩිනේවියානු රටවල් ආදිය ආගමික ස්ථාන, පොදු ස්ථාන, වගේ රටවල් මේ වෙනකොට තහනම් කර තිබෙනවා.

හඳුන්කූරු වගේ දේවල් පාවිච්චි කරන්න ඕනි ස්ථාන වල ඒ අය ඒ වෙනුවෙන් ඉටිපන්දම් දල්වනු ලබනවා.

ජපානයේ පර්යේෂණ ආයතායක් තහවුරු කරලා තියෙනවා සාමාන්‍ය හඳුන්කූරු පැකට් එකකින් නිකුත්වන විස දුම සිගරට් පැකට්ටුවකින් නිකුත් වෙන දුමට සමාන බවයි.

මේ වෙනකොට ප්‍රමිතියක් සහිත හඳුන්කූරු වගේම ප්‍රමිතියක් නැති හඳුන්කූරුත් ඕනි තරම් වෙළඳපොලේ තියෙනවා. ප්‍රමිතියක් සහිත හඳුන්කූරු නිෂ්පාදනය කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ස්වාභාවික ද්‍රව්‍ය වලින් සකස් කළ ඒවා නෙවෙයි. මෙසේ ප්‍රමිතියෙන් තොර හා ප්‍රමිතියෙන් යුතු ලෙස හඳුන්කූරු වර්ග කළත් පොදුවේ හඳුන්කූරු දුම ආඝ්‍රාණැය කිරීම ශරීරයට හිතකර වන්නේ නැහැ.

ඕනම ද්‍රව්‍යක් දහනය වෙනකොට වායුගෝලයට කාබන්ඩයොග්සයිඩ් මුදාහරිනවා. හඳුන්කූරු, මදුරු කොයිල්, ලිප් දර බාබක්‍යු අඟුරු ආදී සෑම දෙයක්ම දැල්වූ පසුව කාබන්ඩයොග්සයිඩ් පිට වෙනවා. වඩාත්ම හානිකර වෙන්නෙ මදුරුකොයිල් සහ හඳුන්කූරු දුමයි.

මේ දුම කුඩා දරුවන්ට, ගර්භනී අම්මලාටව් වගේම වයසක අයට අහිතකරයි. උපතේ සිට වයස අවුරුද්දක් වෙනකල් දරුවන්ට මේ විස දුම ආඝ්‍රාහනය කිරීමෙන් පෙණහලු ආසාධනය ඇති වෙනවා. ගර්භනී අම්මලාට මේ දුම ආඝ්‍රාහනයෙන් මවට වගේම සමාන හානියක් දරුවන්ටද සිදු වෙනවා.

පෙනහළු ආශ්‍රිත ගැටලු, ශ්වසන ගැටළු, කැස්ස, උගුර ආශ්‍රිත රෝගාබාධ, වගේද දරුණුතම තත්ත්වයක් ලෙස පිළිකා පවා ඇතිවිය හැක.

හඳුන්කූරු වලට ආදේශකයක් ලෙස ඉටිපන්දම් භාවිතා කළ හැකියි. මෙම පණිවිඩය සැමට දැනගැනීම පිණිස ශෙයා කරන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *