මහත් වෙන්න කැමති අයට නියම ඩ්‍රින්ක් එකක්

1496

මේ ලෝකෙ විවිධාකාරයේ ප්‍රශ්න තියෙන අය ඉන්නවනෙ. ඒ අතරෙ තියෙන එක ප්‍රශ්නයක් තමයි කෙට්ටු අයට මහත් වෙන්නෙ කොහොමද කියලා තියෙන ප්‍රශ්නෙ. කවුරු හරි කිව්වොත් අනේ ඔයා කෙට්ටු වෙලානෙ කියලා මානසිකව වැටිලා දණිස් පොල්කටු තුවාල කරගන්න තරම් ඒක සමහර අයට අතිශය බලපානවා. ඉතින් සිලෝන් මැගසින් අපි හෙල්ත් ඇන්ඩ් බියුට් කැටගරි එකෙන් කලිනුත් මේ වගේ බියුටි ටිප්ස්, හෙල්ත් ටිප්ස් වගේ දේවල් කියලා දුන්නා. අද කියන්න යන්නෙ කෙට්ටු අයට මහත් වෙන්න බොන්න පුළුවන් හොඳ ඩ්‍රින්ක් එකක් ගැන. ගොඩක් ජිම් වල මේ ඩ්‍රින්ක් එක මහත් වෙන්න කැමති අයට නිර්දේශ කරනවා. ඔයත් මේක ට්‍රයි කරලම බලන්නකො.

හරි අපි මේ කියන්න යන්නෙ මේ ඩ්‍රින්ක් එක හදන්න ඔයාට මොනවද ඕනි වෙන්නෙ කියන එක ගැනයි.

ෆ්‍රෙෂ් මිල්ක්
කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක්
රටඉඳි බිග් තුන හතරක්
බිත්තරයක්

මේ ඩ්‍රින්ක් එක හදාගන්නෙ මෙහෙමයි

අපි ඒ කියපු දේවල් ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්න විතරයි තියෙන්නෙ. කැමති නම් කූල් කරගන්නත් පුළුවන්. ජිම් යන කෙනෙක් නම් ජිම් ගිහින් ආවට පස්සෙ මේ ඩ්‍රින්ක් එක හදාගෙන බොන්න පුළුවන්. මේ වගේ ඩ්‍රින්ක් එකකින් මහත් වෙනවා කියලා කියන්නෙ ඒ ඩ්‍රින්ක් එකේ තියෙන ප්‍රෝටීන් නිසයි.

මහත් වෙන්න බෙහෙත් වගේ දේවල් පාවිච්චියෙන් හැකිතාක් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි. මොකද ඒකෙන් ශරීරයට පසුකාලීනව ලෙඩ රෝග හැදෙන්න පුළුවන්.

තව කෙනෙක්ට මේ ගැන දැනගන්න ශෙයා කරන්න අමතක කරන්න එපා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *