විලියමිසන්ගේ උපන්දිනයට ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් සප්‍රයිස්

360

මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් විදෙස් ක්‍රීඩකයෙකුට අමතක නොවන මතක සටහනක් ලබුණා. තරඟ සංචාරයක් සඳහා මෙරටට පැමණ සිටින නවසීලන්ත කණ්ඩායමේ නායකවරයා වන කේන් විලියමිසන්ගේ 29 වන උපන්දිනය පසුගියදා (29) යෙදී තිබුණා. කෙසේ වෙතත් එදින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායයම සමගින් පුහුණු තරඟයකට එක්වී සිටි විලියම්සන්ගේ උපන්දිනය වෙනස්ම ආරකට සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රියා කිරීම ලෝවේම අවධානය දිනාගෙන තිබෙනවා.

මෙම ක්‍රීඩාලෝලීන් පිරිස විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහුවද පුදුමයට පත් කරමිනුයි. ඒ කෙසේ වෙතත් පිරිසගේ ආරාධනය බාර ගත් විලියම්සන් තරගය අතරතුරදීම පැමිණ කේක් කෑල්ලක රස විඳිමින් ප්‍රේක්ෂකයින් ස්තූතිය පුද කර සිටියේ නිහතමානීවයි.

එහිදී ප්‍රේක්ෂකයින් කේන් කියමින් ඔහුට සුභ පැතුම් එක් කර සිටියේ මහත් සන්තෝෂයකිනුයි. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව බොහෝ දෙනා ඇගයුම් සිදු කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *