LATEST NEWS
Search

කළුපාට හීනයක් – පළවෙනි කොටස

788

”බනිස් එකයි..ප්ලේන්ටියයි..”

”අහ් මෙන්න”

”කීයද ගාණ”

”හතලිස් පහයි”

”මම හිතන්නෙ මට ප්ලේන්ටිය විතරක් ඇති වගේ”

මොනවා කරන්නද දෙයියෝ..නපුරු කලට වට්ටු ඩූ කිව්වලු. අදත් ප්ලේන්ටිය විතරක් බීලා කොලේජ් යන්න වෙන්නෙ. ප්ලේන්ටියේ සීනියි කහටයි ඇරෙන්න අනිත් ඔක්කෝම ගාණට දාලා.

”අහ් ගොඩ්සිලා ප්ලේන්ටි බොනවද ?”

”නෑ ජූස් බොනවා ඇයි මොකෝ..”

”මේකිගෙ කට යකෝ”

ඔය වගේ කතා මට දැන් පුරුදුයි. ඉස්සරම දවස් වල බනින, විහිළු කරන වචන වලට රිදුණට, කෑ ගැහුවට, රණ්ඩු කරාට දැන් එහෙම කරන්නෙ නැතිම තරම්. කොහොමත් තුවාලයක් වුණත් ටික කාලයක් තියෙනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා.

”ආහ් සෝසී..අදත් ඊයෙ ඇඳපු ඇඳුම වගේ”

”නෑ මට එක වගේ ඇඳුම් ගොඩක් තියෙනවා..අනිත් එක මගෙ නම සෝසි නෙවෙයි රෝසි ”

ඇත්තටම මුන්ට තියෙන ප්‍රශ්න. මම හෙළුවෙන් ආවත් අනිත් එවුන්ට මොකෝ. මට කන්න අදින්න දෙනවා වගේ. ඉන්ටර්වල් එකට මම විතරක් කැන්ටිමට නොයා කොලේජ් එකේ ගහක් යට බ0කුවක් උඩ ඉඳගෙන ඉන්නකොට කෑවද බිව්වද කියලා අහන්න එකෙක් නෑ. එනවා මෙතන අඳින රෙද්දෙ දිග පළල මනින්න. ක්‍රෑක් තුහ්හ්..

කොලේජ් එක පටන් ගන්නෙ 8ටට වුණාට මම හැමදාම වගේ අදත් 7ඉඳලා කොලේජ් එකේ එහෙටයි මෙහෙටයි ඇවිදිනවා. මොකද තාත්තා උදේ වැඩට යන වෙලාවට මාත් තාත්තා එක්කම පිටත් වෙනවා. අනිත් අයට වගේ බෙස්ටි කෙනෙක් නැත්නම් බෙට්ටෙක් හරි හිටියා නම් මටත් හොඳ කදයක් දාගෙන ඉන්න තිබ්බා කොලේජ් පටන් ගන්නකන්. කොලේජ් එකේ දුප්පත්ම ළමයා මම නිසාද කොහෙද මට යාළුවොත් හිටියෙ හරිම දුප්පත් විදිහට. ගොඩක් අය යාළුවො වගේ මුවා වෙලා කරේ මාව බයිට් කරපු එක. මුල් දවස් වල මට ඒ දේවල් දරාගන්න කියාදෙන්න ඇවිත් යන්න එන්න දෙයියනේ කියලා හොරෙන් හොරෙන් ටොයිලට් අස්සෙ අඬන්න වුණාට, පස්සෙ හැමදේම ෆුල් නෝර්මල් නිසා එක්කො ඇහුන් නෑ තියරිය හරි, අදල නෑ තියරිය හරි පාවිච්චි කරනවා. ඒත් කරදර ඒ වෙනුවට අඩු වෙනවට වඩා වුණේ වැඩි වෙලා දරුණු වෙන එක. වෙනදා විහිළු කරන අය ඒවා මම ගණන් ගන්නෙ නැති වුණාම ලඟ තියෙන දේවල් වලින් දමලා ගහනවා. මම ඒ වෙලාවට කරන්නෙ අණ්ඩ කැඩුණු පොත් බෑග් එකත් එල්ලගෙන වොෂ් රූම් එකට ගිහින් හැ0ගෙන එක. ඔව් ඇත්ත තමයි මමත් බලාගෙන ගියහම මලාලට හුරේ දැම්මට බය ගුල්ලියක්.

අද දවසත් හොඳත් නෑ, නරකත් නෑ. බුදුහාමුදුරුවන්ව අදහන්නෙ නැති වුණත් බුද්ධ දර්ශයේ ඔය කාටවත් වඩා අදහන ගමන් පිළිපදින්න මම හුරු වෙලා ඉන්න නිසා ගොඩක් දේවල් මට දරාගන්න ලේසියි. වොන්ඩ වුමන් තරම් නැති වුණත් මම වෙලාවකට හෙන පවර්ෆුල්.

”හේයි රෝසී..”

දෑස පලාගෙන කඳුලැලි ආවා..කොලේජ් එකේ මාත් එක්ක හොඳින් කතා කරන එකම යාළුවා. ෂෙරාන්.

මට හායි එකක්වත් ෂෙරාන්ට කියාගන්න බැරි වුණා වෙනදා වගේම. මා පඩ ආඩම්බරකාරියක් කියලා හිතනවත් ඇති. ෂෙරාන් බායි පාරක් දාගෙන වටේට හායි හූයි ගාගෙන නොපෙනී යනකන්ම මම බකමූණි වගේ කට වහගෙන බලාගෙන හිටියා. ෂෙරාන් කියන්නෙ නගරාධිපතිගෙ පුතා..මම කියන්නෙ නගරසභාවෙ කුණු අස් කරන කෙනෙක්ගෙ දුව. අහසට පොළව වගේ. අපරාදෙ කියන්න බෑ ෂෙරාන් විතරයි මට අනිත් අයට වගේ සැලකුවෙ.

අද සඳුදා නිසා ක්ලාස් එකේ පුටු ඔක්කොම ෆුල්. මට වෙනදා වගේ ක්ලාස් එකේ කොණේම ඩෙස් එක. කොහොමත් කොණේ ඉන්න එක සැපයි. ඉස්සරහ හිටියම අහන්න වෙන්නෙ වෙන වෙන කතා.

”සෝසී කොණ්ඩෙ පීරන්න අමතක වුණාද?”

මුන් දන්නෙ නෑනෙ මගේ පනාවෙ දැති ගොඩක් කැඩිලා නිසා පීරෙන්නෙ නෑ කියලා. මොනවා වුණත් ඊළඟ පඩිය ගත්තම තාත්තා අරන් දෙනවා කියපු පනාව මට තාම හම්බුණේ නෑ. මම ඒක ඉල්ලලා තාත්තට කරදර කරන්න ගියෙත් නෑ.

”බලන්නකො අනේ මෙයාගෙ ගොඩේ ඇඳුම් වල කැත”

ගොඩක් වෙලාවට මගේ ඇඳුම් ගැන මට වඩා කරදර වෙන්නෙ ආදිති. එයාට නම් මොකද. අද අදින ඇදුම හෙට අඳින්නෙ නෑ. තොල් වල ලිප්ස්ටික්. ඇඟිලි වල ක්ව්ටෙක්ස්. මූණෙ පවුඩර්. කකුලට හීල්ස්. මට වාවන්නෙම නැත්තෙ එයා හිතා මතාම මගේ කකුල් ඒ හීල්ස් වලින් පාගන එක ගැන.

”ඕකේ අද පාඩම වැඩිවියට පත් වීම ගැන”

ප්‍රොෆෙසර් ජෙනර් පාඩම පටන් ගත්තා. හැමෝම වෙනදට වඩා හෙන මොරාල් එකෙන් ගැම්මෙන් පාඩමට කන් දෙක දීගෙනම ඉන්නවා. වැඩියෙන්ම ඒ උනන්දුව තියෙන්නෙ කොල්ලන්ට.

”ඕකේ ලෙට්ස් ස්ටාට්..අපි අද පාඩම පටන් ගන්න කලින් කාටහරි ගර්ල් කෙනෙක්ට මේ ගැන ඉන්ට්‍රඩියුස් එකක් කරන්න කියමු. ඒක කෝකටත් හොඳයිනෙ. කවුද කැමති ඒක කැමැත්තෙන්ම බාරගන්න..”

ප්‍රොෆෙසර් ජෙනර්ට නම් පිස්සු පීකුදු. දැන් කවුද ඉල්ලන් කාලා බාල්දි ඔලුවෙ දාගෙන ඔලිම්පික් දුවන්න කැමති වගේ කතාවක් තමා මෙයා අහන්නෙ. මලාට ස්ව කැමැත්තෙන් නම් කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා නම් මම දන්නවා.

සමහර අය පොත් වල පිටු අස්සෙ මොනවද හොයනවා. සමහරු වටපිට බලනවා. සමහරි දුකින් වගේ බිම බලාගෙන ඉන්නවා. සමහර අය ඔලුව ඩෙස් එක ලඟට කරගෙන පාත් කරගෙන ඉන්නෙ හරියට හැ0ගෙන්න වගේ.

”ඕකේ..කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ වගේ. එහෙනම් මමම එක්කෙනෙක් තෝරගන්නම්..”

හැමෝගෙම මූණු කුකුල් ෆාම් එකක මරන්න ඉන්න කුකුළො වගේ.

”ම්ම්..රෝසී..මම හිතනවා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා..”

”ම..ම..මම?”

”ඔව්..මේ ක්ලාස් එකේ එක රෝසි කෙනයිනෙ ඉන්නෙ.. ප්ලීස් කම්..”

දැන් ඉතින් නැක් බැක් ගාන්න බෑ..යන්නම වෙනවා. යන්න කලින් මගේ කකුල් දෙක මෙන්ඩලින් ගහනවා. හාට් එක වෙනදට වඩා වේගෙන් හැගෙනවා. මුළු පන්තියම බලාගෙන ඉන්නෙ මගෙ දිහා. හරියට නිකන් වැඩිවියට පත්වීම මගේ මූණෙ තියෙනවා වගේ.

”කමෝන් රෝසී…අපිට පාඩම කරන්නත් තියෙනවා..එන්න ළමයො”

වනේ වන හතුරුක්ටවත් ආදිතිට ඇරෙන්න මේ වගේ දේවල් නම් වෙන්න එපා දෙයියනේ. මම පස්සෙ පෝලිමෙන් ඉස්සරහට ගියේ මොනවා හරි කමක් නෑ කියනවා කියලා හිතාගෙන. ඒත් හදිස්සියේම වුණේ කවුරුත් නොහිතපු දෙයක්.

ඊළඟ කොටස ලබන ඉරිදා හවස හයට බලාපොරොත්තු වෙන්න..

සියළුම හිමිකම් කතෲ සතුයි. කතෲ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *