සුදු වෙන්න ක්‍රීම් ගානවා නම් ඔයාටත් වෙන්නෙ මේ ටික

1613

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඒත් ලස්සන කියන්නෙ සුදුයි කියන එක නෙවෙයි. සුදු අයට වඩා ලස්සන කළු අයත් ඕනි තරම් ඉන්නවා. මේ කියන්න යන්නෙ සුදු වෙන්න ක්‍රීම් ගාන්න ගිහින් වෙන දේ ගැනයි.

සුදු වෙන්න ක්‍රීම් ගානවා කියලා අපේ රටේ අය ගොඩක් කරන්නෙ වයිට්නින් ක්‍රීම් ගාන එක. එහෙම වයිට්නින් ක්‍රීම් වල ගොඩක් තියෙන්නෙ බ්ලීචින්. බ්ලීචින් කරපු මූණක් සුදු වුණත් ඒක කවදාවත් ස්වාභාවික වෙන්නෙ නෑ.

ක්‍රීම් එක ගාලා මුල් සතියෙම එහෙම නැත්නම් පළවෙනි දවස් තුන ඇතුළත සුදු වෙන්න ගන්නවා. ඉතින් හිතලා බලන්නකො කොහොම අස්වාභාවික ක්‍රියාවලියක් මේ ක්‍රීම් ඇතුලෙ අඩන්ගු වෙනවද කියලා?

සුදු වුණාම ඔක්කොම හරි කියලා හිතාගෙන ක්‍රීම් එක නතර කරලා දානවා. ටික දවසක් යනකොට මූණෙ තැන තැන බිබිලි මතු වෙලා මුණ විකෘති වෙලා තමයි නවතින්නෙ. කුරුලෑ, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් මූණෙ එන්න පටන් ගන්නවා. අව්වට ගියහම මේ තත්ත්වෙ වැඩි වෙනවා. හිටියටත් වඩා මූණ අවපැහැ වෙලා කළු වෙනවා. නරකම දේ තමයි එහෙම වුණ මූණක් ආයෙත් පෙර තත්ත්වෙටම ගන්න සෑහෙන්න කාලයක් බලාගෙන ඉන්න වෙන එක. මූණට ලොකු වියදම් කරලා ප්‍රතිකාර කරන්න වෙන එක.

මේ විදිහට බ්ලීචින් අඩන්ගු කට්ටිය අමාරුවේ වැටෙන වයිට්නින් ක්‍රීම් විදිහට ගෝරි, උජූබා වගේ ක්‍රීම් දැනට හඳුනගන්න පුළුවන්. ඒ දෙක විතරක් නෙවෙයි විවිධ නම් වලින් බ්ලීචින් අඩන්ගු වයිට්නින් ක්‍රීම් දහස් ගාණක් මේ වෙනකොට වෙළඳපොළේ තියෙනවා.

කිසි දෙයක් හරියට නොදන්න කෙනෙක් වෙළඳපොළට ගියහම රවට්ටලා දෙන්නෙ බ්ලීචින් තියෙන ක්‍රීම්. ඔබත් දැනටමත් මේ වගේ ක්‍රීම් එකක් ගාලා අමාරුවේ වැටුණ කෙනෙක් වෙන්න පුළුවන්.

මේ වගේ රටක දේශගුණයට ගැලපෙන සමේ වර්ණයක් තමයි අපිට ලැබිලා තියෙන්නෙ. එහෙම වකවානුවක සම සුදු කරගන්න ගිහින් අමාරුවේ වැටෙන්නෙ නොදන්න කම නිසා නම් අද ඉඳලා ලස්සන වෙන්න සුදු වෙන්නම ඕනි නෑ කියන එක හිතට ගන්න. ලස්සන වෙන්න ක්‍රම තව ඕනි තරම් තියෙනවා.

තව කෙනෙක්ට දැනගන්න මේ ආර්ටිකල් එක ශෙයා කරන්න අමතක කරන්න එපා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *