කළුපාට හීනයක් – දෙවෙනි කොටස

761

බලාගෙන ඉන්න ඔක්කොගෙම කටවල් අංශක අනූවක් විතර ඇරෙන සයිස් එකට තියලා බලන් ඉන්නෙ මම ඇදගෙන වැටුණ හැටි.

“ඔහ්..රෝසී..ඔයාට තුවාලද දරුවෝ?”

අලියට පෑගිලා චූ ගියාදත් අහනවා.

“නෑ මිස්..මම හොඳින්”

“අහ් එහෙනම් අපි ලෙසන් එක් කන්ටිනිව් කරන් යමු”

ක්‍රෑක්ක්ක්ක් තුහ්හ්..මෙහෙම ගුරුවරු අම්මපා. හරි නම් මාව වාඩි කරවලා මෙතනට ආදිති වගේ කෙනෙක්ව කැදවන්න තිබුණා. එක්කො කමක් නෑ දන්න දෙයක් කියනවා.

හැමෝම බලාගෙන ඉන්න මම පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්න හැටි. හැමෝගෙම ප්‍රාර්ථනාව මම ඊළග මොහොතෙ චාටර් වෙනවා බලන එක. ඊටපස්සෙ බඩවල් අල්ලන් පහට පහක් දාලා හිනාවෙන එක. කොහොමත් මිනිස්සු කැමති අනිත් එකාට කෙල වුණාම පහට පහක් දාලා හුරේ දාන එකනෙ.

” ගුඩ් මෝනිං මයි ඩියර් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් මැඩම්”

මයි ඩියර් ෆ්‍රෙන්ඩ්ස් කිව්වට මට එහෙමයි කියන්න තරම් කවුරුත් හිටියෙ නැති තරම්. සමහරු මට පේන්නම කටවල් තද කරගෙන හිනාවෙනවා. ආදිතීගෙ මූණනම් අපායක් වගේ.එයාගෙ පුරෝහිතලා වගේ ඉන්න ජෙනර්, කයිලි දෙන්නත් ආදිතිටම ගැලපෙනවා.

” ඇත්තටම අද අපේ පාඩම තමයි වැඩිවියට පත්වීම කියන එක”

එහෙම කියලා මම බැලුවෙ පිරිමි ළමයි ඉන්න පැත්ත.එයාලා නම් වැඩේට හරී උනන්දුයි වගේ.කොල්ලො කොහොමත් එහෙමනෙ ඉතින්.

” මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. හරිම සාමාන්‍ය ස්වාභාවික දෙයක්. ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිනුත් වැඩිවියට පත් වෙනවා. ඒත් සමාජෙ ගොඩක් දැනුවත් ගැහැණු ළමයි වැඩිවියට පත් වීම ගැන තමයි. අපිට අපේ  ජීවිත කාලෙ කොටස් තුනකට බෙදන්න පුළුවන්. කුඩා කාලෙ, තරුණ කාලෙ , මහලු කාලෙ කියලා. අපි වැඩිවියට පත් වෙන්නෙ තරුණ කාලෙදි. එතකොට අපේ ශරීරයෙ ගොඩක් වෙනස් කම් වෙනවා. පොඩි කාලෙ මිටි පිරිමි ළමයි වැඩිවියට පත් වුණාම උස යනවා වගේ උදාහරණ දෙන්න පුලුවන්..”

නයි කයිද රෝස් පාන් කිව්වලු..හැමෝගෙම කටවල් බාගෙට ඇරිලා. මම නැවතිල්ලක් නැතිව එක්ස්ප්‍රස් කෝච්චිය වගේ කියවගෙනම ගිය නිසා හැමෝම බලන් ඉන්නෙ මම කොතනින් නවත්තයිද කියලා..

“ගැහැණු ළමයිට නම් මාස් පතා ශරීරෙ පිරිසිදු වීමක් වෙන්නෙ මේ කියන වැඩිවියට පත් වුණ කාලෙදි. ඒ කියන්නෙ ඒ කෙනා අම්මා කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක තමයි..”

“ඕහ්..රෝසී..වෙරි වෙරි ගුඩ් ගර්ල්..කෝ ළමයි රෝසිට බිග් ක්ලැප් එකක් දෙන්න..”

මම අත්පුඩි මැද්දෙන් ආයෙත් පන්තියේ කොණට වුණා.. හැමෝටම මම මුලින් ඇඳගෙන වැටුණ එක අමතක වෙලා.

ප්‍රොෆෙසර් ජෙනර් පාඩම කරගෙන ඉස්සරහට අරගෙන ගියා. හැමෝම වෙනදට වඩා උනන්දුවෙන් පාඩම අහගෙන ඉන්නවා. පාඩම නැවැත්තුවෙ ගෑණු ළමයිගෙ ඔසප් චක්‍රයෙන්.

“ඉතුරු ටික මම ඊළග දවස ඔයාලට කියලා දෙන්නම්. පිරිමි ළමයින්ට මොනා හරි ගැටළුවක් තියෙනවා නම් ගෑණු ළමයින්ගෙ අහගන්න පුලුවන් .ඔයාලත් ලැජ්ජ නොවී ඒ දේවල් ශෙයා කරගන්න.”

මිස් ජෙනර් ක්ලාස් එකෙන් ගියාට පස්සෙ කවදාවත් නැතුව හැමෝම කතා කරේ පාඩම ගැන. මැජික් වගේ.

“මේ රෝසි කියනවා බලන්න ලොකු වුණාම මොනාද තව කරන්නෙ කියලා”

ආදිති නම් මේ එන්නෙ හොද වැඩකට නෙවෙයි වගේ. සද්ද නැතිව ඉන්න එක හොදයි.

“ඒයි තමුසෙට ඇහෙන්නෙ නැද්ද කුණු කෙල්ලේ මම කියන එක”

ආදිති මට කුණු කෙල්ල කියන්නෙ තාත්තා කුණු ලොරියෙ වැඩ කරන නිසා.ඕවා මට දැන් පුරුදුයි. ෂෙරානුත් බලාගෙන ඉන්න නිසා මට කේන්තියකුත් එනවා.

” ඒයි රෝසි ඇයි කියන්න බැරිද?”

මේකි නම් මහ ඇනයක් වුණානෙ. දැන් නම් මගෙ රතු කට්ට පැනලා වීදුරු කුඩු.ඕන එකක් වෙච්ච දෙන් කියලා මම ගියේ ආදිතිගෙ මේසෙ ලගට.

“මගෙන් අහන්නෙ ඇයි තමුසෙ ලොකු වෙලා නැද්ද ?”

පන්තියෙන්ම ආදිතීට හූ සාගරයයි.

“මොකක්ද තමුසෙ කිව්වෙ?”

“ඇහුණ එක තමයි කිව්වෙ”

මම ආදිතිට කට කොණකින් හිනාවෙලා පන්තියෙන් එළියට යන්න හැදුවම වුණේ හිතාගන්න බැරි දෙයක්..

ක්ලාස් එක ඉස්සරහ ප්‍රින්සිපල්. සර්ගෙ මූණට කොහෙන්දෝ ඉදලා ආපු හුණු කොට්ටයක් ඇවිත් පතබෑවුනා. තට්ටෙත් හුණු..මූණෙ පාන්පිටි ගානට හුණු.ඒ හුණු කොට්ටෙ පුරාම තිබ්බ ප්‍රජනනය පාඩමයි වැඩිවියට පත්වීමේ පාඩමයි සෑර්ගෙ මූණෙ.

ආදිති මට ගහපු හුණු කොට්ටෙ වැදුනෙ ප්‍රින්සිපල් සර්ට. සර් ඉන්නෙ නම් අසූ හාරදාහට නැගලා. මේ පාර මුළු පන්තියම බලාගෙන ඉන්නෙ ආදිති දිහා. යස වැඩේ තොට…මම හිතින් කෑ ගගහා උඩ පැන්නා. ආවා මෙතන මට කරදර කරන්න. ආදිතීට දැන් නම් ඇගේම චූ යයි ශුවර්..

“වට් ද හෙල් ඊස් ගොයින්ග් ඕන්..අහ්”

අපි දන්නවැයි ඉතින්

“යූ..කම් විත් මී..”

සර් එහෙම කියාගෙන සාක්කුවෙන් ගත්ත ලේස්නුවෙන් මුහුණ පීදගෙන යන්න ගියා.පව් අනේ සර්ට ආපු වැඩෙත් කරගන්න බැරි වෙනවනෙ දැන්..”

ආදිති පූසෙක් බාගෙට කාපු මීයා වගේ සෑර් පස්සෙන් ගියා. නිකනුත් නෙවෙයි මගෙ ඇගෙත් හැප්පීගෙන.

ඊළග කොටස ලබන සෙනසුරාදා හවස 5ට බලාපොරොත්තු වෙන්න..

කළුපාට හීනයක් පළවෙනි කොටස මෙතනින් කියවන්න..

https://www.ceylonmagazine.com/2019/08/10/kalupata-hinayak-1st-ep-hithuwakkari/




Leave a Reply

Your email address will not be published. Required fields are marked *