රන්දම්වැල් කෙටිකතාව – පළවෙනි කොටස

525

සේපාලිකා මල් බිම හැමතැනමය..සුවඳය..උදයේ පින්නත් සමඟ තණ බිස්ස සීතල වී ඇත. ඇය සෙරප්පු නැතිවම ඇවිද්දේ සිත ප්‍රබෝධමත් වෙද්දී ය..

රැය පුරාවටම හරි හැටි නින්දක් නොලැබූ හෙයින් කෙඩෙත්තු ගතියක් මෙන් දැනිනි.. නමුත් පාන්දර 6යට පමණ ලා අඳුරත් සමඟ තිබෙන සීතල සුලඟ නිසා හරි සනීපය..

– ඇය නිවර්තනා –

උසස්පෙල නිමවී ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසට වී සිටින්නීය. ඇයට වැඩිමහල් සහෝදරියක සිටින්නේය.වීරසේකර පවුලේ බාල දියණිය ඇයයි.

” ලොකු අයියට මනමාලියෙක් හම්බෙලා..”

” මො..ක…ක්”
මා කලබල වී නැගිට්ටේ ඔහුට හෙව් මනමාලිය කවුද නොදන්නා හෙයිනි.

” මොකද ඔයා මේ කලබල වෙන්නේ?”
ලොකු අක්කා ඇසුවේ මගේ මූණේ ඉරියව් හොඳින් පරීක්ෂා කරමිනි..

‘ ලොකු අයියා යනු, සෙව්වන්ත ය. එනම් අවැස්ස මස්සිනා ය.. ඔහු අප පරම්පරාවේ වැඩිමහල්ම දරුවායි.. හැමදෙනාගේම ආදරය සහෝදරයන් ලෙස අප හැමෝටම ලැබිනි.. නෑදෑ සියලුම දෙනා අප සියල්ලන්ටම දැක්වූවේ නොමඳ ආදරයකි.

නමුත් සියල්ලන්ම නොදන්නා ඔහුත් මාත් පමණක් දන්නාකාරණයක් ඇත..
මා නොදැනුවත්වම යලිත් දිව ගියේ ඒ අමතක කරන්නට වෙර දරන අතීතයටයි..

එදින සිකුරාදාවක් විය..

ඔහු හවස ගෙදර ඇවිත් සිටියේය..
මා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරමිනි..
අපේ අක්කාත් සෙව්වන්ත අයියාත් කතා කරන හඬ ලාවට ඇසේ..

” මේ මනූජා ඔයයි නංගි ලෑස්ති වෙලා ඉන්න හරියටම 7 වෙනකොට මං ගන්න එන්නම් ”

” නංගි එක්කන් යන්න නම් අම්මගෙන් අහන්න ඕන අයියේ. ”

” මුන්ව එක්කන් යන්නත් ඕන. ප(ර්)මිෂන් ගන්නත් ඕන..ඉන්නවාකෝ එහෙනම් මං මාමාට ගන්නම්..හරිනේ?”

බයික් සද්දය ඇසේ.. ඔහු ගියා විය හැකියි..

අක්කා කාමරයට එබිනි..

” අඩෝ මේ තමුසේ එනවද ගමනක් යන්න?”

” කොහෙද ?”

“ජෙට් වින් එකේ ඉවෙන්ට් එකක්.. සී ප්ලස්ලා ප්ලේ කරන්නේ..”

” ෂා… මං ගිහිල්ලම නෑ ඒ වගේ එකකට.අයියා ආවේ ඒකටද? ”

” ඔව් ඔව්.. අපේ පොඩි ගැන්සියම යනවා..”

ඉක්මනින් නා ගෙන තරඟෙට අඳින්න ගත්තේ වෙලාව වැඩිපුර අවැසි නිසාය..

රතු පාට ටයිඩ් ගවුමට තද රතු පාට ලිප්ස්ටික් ගා කොන්ඩය කැඩුවෙමි..එය නම් ගින්දරය..

” ඒ තමුසේ ලස්සනයි නංගි..මගෙත් දානවකෝ ඔය විදියට මේකප් එක..”
හැකි අයුරින් මේකප් පොන්ජ් එකේ කුඩු එනතුරු ඇගේ මුහුණේ ද සියල්ල ඉලුවෙමි..

” පොඩ්ඩි මේකප් වැඩී පිහදනවා.. මොකද්ද ඔය ඇදන් ඉන්නේ? ”

” අනේ අම්මා..මං පන්සල් නෙවෙයිනේ යන්නේ..අක්කේ බලනවකෝ”

” වැඩි නෑ අම්මා. ඔය හොඳයි ඉතිං. අපේ සෙට් එක එක්කනේ යන්නේ.”

” අන්න හෝන් සද්දේ.. අනිවාරෙන්ම සෙව්වන්ත අයියාගේ කා(ර්) එක..යමු යමු”

” අම්මා යනෝ”

දඩිබිඩියේ කරුවලේම නැගගත්තේ පරක්කු වී තිබුනු නිසාය..

හෝටලයට ගොස් පාකින් එකේ දී මා කොණ්ඩයත් ඇදුමත් හදාගන්න විට මාදෙස වම් පසින් බලා සිටින්නා වෙත ඇස් යැවුනී.

ප්‍රථම වතාවට ඔහුගෙත් මගෙත් දෑස් එකිනෙකට යා විනි. එය අමුතුය.. නුහුරුය.. තැති ගැනීමක් වැනිය. මා ඉක්මනින් ඇස් අහකට කර ගත්තෙමි.

පිස්සන් සේ අප මුලු පාටිය පුරාවට නැටුවෙමු.. එහි කිසි අමුත්තක් වූයේ නැත. නමුත් දෙතුන් වරජ් ඇසට ඇස යා වුනු අවස්ථා නැතිවාම නොවේ..

ගෙදර යනවිට 12.15ට පමණය.. සෙව්වන්ත අයියා පැමිණ අම්මාටත් තාත්තාටත් කතා කර අප දෙදෙනා දමා ගියේ ය..ඔහු නොබී සිටින්නට ඇත්තේ පරක්කු වන විට අම්මලාට කිරීමට සිදුවන නිසා විය යුතු ය.

ඔහුගේ හිතේ යමක් තිබෙන බව දැනුනු සහ යම් කැමැත්තක් මා තුළද හටගත් පලමු දිනය එදින ය..

පවුලේ සියල්ලන්ම එක මවගේ දරුවන් සේ හැදුනද අයියාත් මාත් අතර වචන දහයකට වඩා කතා කර නොමැත.. මා ඔහුට බියය.. එය හරියටම බිය ද නැත්නම් ගෞරවය ද නොදනි. සමහර විට වයස් පරතරය නිසා විය යුතු ය..

“පොඩ්ඩී හෙට ලොක්කා නැන්දිලෑ පිරිත. අද අම්මලා යනවා උයන්න උදව් වෙන්න. මාත් යනවා ”
ලොක්කා නැන්දි යනු අයියාගේ අම්මායි.

” මට පන්තිනේ.. කවුරු එක්කද මං යන්නේ? ”

” තාත්තව එවන්නම්. දවල්ටයි රෑටයි කන්න එහාට ඒ ගමන්ම එනවා”

පාසල් ගොස් එනවිට කියූ ලෙසටම ගෙදර කිසිවෙකුත් නැත. සියල්ලන්ම අයියලෑ ගොස් ඇත.

මා ඉක්මනින් බාතෲමය තුළට රිංගා ගත්තේ වේලාසන යන්නටය..මෙවැනි අවස්ථා හැමදාම නැත. පන්තියට ගිය පසු යාලුවන් සමඟ ටවුනට ගොස් මොනාහෝ කා හැකිය..

වෙලාව 2.45 ය..

“හෙලෝ.. අක්කේ..මේ තාත්තව එවන්න මට යන්න ඕන ඉක්මන් ට.

” අහ්.. ඉන්නව හරි හරි”

පැය කාලක් පමණ ගත වූ විට. හොන් කරන හඬක් ඇසිනි. මා ජනෙල් දොරවල් වසා එලියට ආවේ තාත්තා බලාපොරොත්තුවෙනුයි.

නමුත් ඒ සෙව්වන්ත ය..

එතනම නැවති තත්පර දහයක් පමණ ගෙන හුස්මක් ගත්තේ මා ගැහෙන්නට යන විටය.

ඒහැඟීම විස්තර කල නොහැකිය. බියත් ලැජ්ජාවත් එකට මුසුවී සේ ය..

‘ අක්කගේ ආච්චිට හාල් ගරවන්න හිතෙන්නේ මෙහෙමත් වෙලාවකය..’

” මැඩම් යන්න අදහසක් නැද්ද?”
ඔලුව එලියට දා හිනාවක් දා ඔහු අසයි..

‘ අනේ ශ්‍රී විෂ්නු දෙවියනේ මාව බේරගන්න’

මා ඉදිරි අසුනට බර උනෙමි..

“සීට් බෙල්ට් දාගන්න නංගි”

මා හැසිරෙන්නේ ගංජා කිලෝ දාහක් ගැහුවා සේය. ඇත්තටම කුමක් කරන්න ද කියා නොතෙරේය..

” පරක්කු ද?”

“න්නෑහ්”

” කීයටද පංති”

” 4ට”

“ඉතිං තව කොච්චර වෙලා තියනවද? පරක්කුයි
කියලා කිව්වේ මොකද අක්කාට?”

‘ මූටත් ඕන නැති දෙයක් නැති හැටි. ෂික් අතේ මාටුය.. මා කිසිවක් නොකියා හිනා වුනෙමි’

” කොල්ලා එන්න කිව්වද අද වේලාසන”

” මේ මට කොල්ලෙක් නෑ හරි ද?”
මං ඇගිල්ල උරුක් කරමින් කීවෙමි

ක්ෂනිකව ඔහු එලවන ගමන් ඇගිල්ල හපන්නට ගියේය. මා හනික අත එහාට කලෙමි.

‘මේ මොකද වෙන්නේ’

” කාලා නෑනේ? මාත් කෑවේ නෑ..”
ඔහු වට පිට බලන ගමන් කියයි.. අවන්හලක් බලනවා විය යුතුය..

” මට බඩගිනි නෑ”

” මට බඩගිනිනේ.. කන්නත් නෑ මට මෙතන පරක්කුයි පරක්කුයි කියලා බොරු කියලා.”

මා සිනාසෙමින් අහක බලා ගත්තෙමි.

තවත් කොටසකින් හමුවෙමු…කොටස් තුනක කෙටිකතාවකි. දෙවන හා තෙවන කොටස් ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු වන්න..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *