” මට බඩගිනිනේ.. කන්නත් නෑ මට මෙතන පරක්කුයි පරක්කුයි කියලා බොරු කියලා.”
මා සිනාසෙමින් අහක බලා ගත්තෙමි.
ගඟක් අද්දර තිබෙන ප්රසිද්ධ අවන්හලක ඔහු නැවැත්තුවේය..
” යමු”
හරිම නිස්කලංකය. මිනිසුන් දෙතුන් දෙනෙක් ඇරෙන්නට සෙනඟ අඩු ය.
ගඟ මැදදට වන්නට හදා තිබු සම(ර්) හට් එකක අපි වාඩි උනෙමු.
” මොනාද කන්නේ නංගි”
මුකුත් එපා’යි කියන්නට මං ඔලුව වැනුවෙමි..
” සී ෆුඩ් රයිස් ටූ පෝෂන්ස් විත් deviled prowns”
එය නම් ඔහු මා දෙස හොරෙන් බලමින් කිව්වේ මා ඉස්සන්ට පෙරේත බව දන්නා නිසා ය..
” ඔයා කන්නෙපා මං කන්නම්. හැබැයි කෙල ගිලින්න බෑ. ”
” නෑ මං කනවා.. ටූ පෝෂන්ස් ගත්තේ මටත් එක්කනේ. මම විතරනේ මෙතන ඉන්නේ”
කටකාරකමට බය නැතිව කිව්ව පලවෙනි වතාව මෙය විය හැක..
” කීය ද වෙලාව? ”
” 3.20 යි..”
” 4 ට නේද පන්ති?”
මම ඔලුව වැනුවෙමි..
ඔහු පුටුවට බර වී ගඟ ඈත බලාගෙන සිටී. නිහැඬියාව හරි අපහසුය.. මට කතා කරන්නට දෙයක් ඇත්තේ ද නැත.. මොනා නම් අසන්නට ද? මාත් බස්සෙක් සේ සිටියෙමි..
” ඇත්තටම නංගිට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් නැද්ද”
” නැහැ අනේ.. ” මං නුරුස්සන ලෙස කීවෙමි..
” කොල්ලෝ අහන්නේත්
නැද්ද?”
” මොනාද?”
” කැමති ද කියලා..?”
මට සිනාවක් ගියෙ නොදැනුවත්මය.. දෙවියනේ කීයක් නම් අහලා ඇද්ද මේ වෙනකොට. හිසේ කෙස් ගානට කියා කටක් ඇර කියන්නේ කෙසේ ද??
” අහලා නම් තියනවා”
එකවරම ඔහුට හිනාවක් ගියේ සැනසුම් පාටටය..
” ඇයි හිනා වෙන්නේ?”
” නෑ නිකන්”
” අනේ කියන්න්කෝ”
” කියන්න ද එහෙනම්? ”
“හ්ම්”
” ඔච්චර ලස්සන ඔයාගෙන් කොල්ලෙක් කවදාවත් යාලුවෙන්නවත් අහලා නෑ කියලා කිව්වොත් මං හිතාගන්න හිටියේ පලවෙනි ප්රශ්නෙට ඔයා දුන්නූ උත්තරේ බොරු කියලා”
‘ දෙවියන්වෙ හොඳ වෙලාවට ඇත්තම කිව්වේ’
මා සිනාසුනෙමි..
” කමු කමූ… බඩගිනී”
මා පන්තියේ සිටියේ අකමැත්තෙනි..
‘ ෂික් ඉක්මන්ට වෙලාව යන්නෙ නැත්තේ ඇයි….’
මට කේන්තිය..
” මේ නිරූ..”
ඒ එහා පැත්තේ ඉඳගෙන සිටි යමිශාය..
” මොකෝ”
” කවුද බං අර උඹව එක්කන් ආපු හැන්ඩි කොල්ලා”
” ම්ම්….අයියා..”
” අම්මෝහ් හොඳ වෙලාවට..”
” ඇයි?”
” නෑ හොඳ වෙලාවට බෝයිෆ්රෙන්ඩ් නොවී අයියා උනේ.. ඒකයි”
මට ද සිනාවක් නැගිනි.. පුංචි ඊර්ෂ්යාවක් එක්ක ආඩම්බරයක් නොදැනුනාම නොවේ..
පන්ති ඉවරය…
දුවගෙන ආවේ සෙව්වන්ත ඇවිත් ඇතැයි සිතාය…
ඒත් ඇවිත් ඇත්තේ තාත්තා ය..
මා මූණ එල්ලාගෙන තාත්තා සමඟ ආවේ ලොක්කා නැන්දිගේ ගෙදරටයි…
අයියාහේ කාරය නැත. ඔහු කොහේ හෝ ගොස් ඇත..
” ගෙදර කවුදෝ..”
කුස්සියටම ගොස් හයියෙන් කෑ ගැසුවෙමි..
නැන්දලාට මාමලාට මා දැක හරි සතුටුය.. පුංචි අයට ද එසේය..
” අම්මේහ් දැන් තමා මිණි ගෙඩිය ඇවිත් තියෙන්නේ..”
” මෙ මෙ කෙල්ලට මුකුත් කියන්නේ නෑ අහිංසකී”
” මෙකී අහිංසක නෑ.. ව්යාඝ්ර පැටියෙක් මෙහෙම හිටියට.. ”
අක්කා කියූවයින් හැමෝම හිනා විය..
“තේ බීලා ඉන්න පොඩී”
ඒ ලොක්කා නැන්දි ය..
” අයියා වෙලාවට ගිහින් දැම්ම ද?”
“ම්ම්”
” එන්න එන්න උදව් වෙන්න..මේ ලූණූ සුද්ද කරන්න එන්න”
” ලොකූගෙත් දැන් කලවයස හරී..ගෑනු ලමයෙක් බැලුවේ නැද්ද කොල්ලට තාම?”
මා ද කන් තිබ්බෙමි..
” නෑ..තව ටිකක් ඉන්න දෙනවා..තාම 27යිනේ..”
” ඒ උනාට ඒක තමා වයස..”
” නෑ නෑ තව ලොකූට බඳින්න කල් තියනවා..”
සෙව්වන්ත අයියා පිටුපසින් ඇවිත් හයියෙන් කීවේ අපව ද හිනා ගස්සමිනි. ඒ හොරැහින් මා දෙස නොබැලුවාම නොවේ..
“මේ කොල්ලා බය කරපු තරම්.. කොයි වෙලාවෙ ද ආවේ”
” දැන් ආවා විතරයි..ඒක නෙමෙයි මේ මං නැති තැන මාව හරි මාතෘකා නේ ද?”
” කෙල්ලක් හොයාගනින් බං නාකි වෙන්න කලින්..”
“මොන වගේ කෙල්ලෙක්ට ද දැන් සෙව්වන්ත කැමති”
ඔහු එකවරම මා දෙස බැලුවේය. මම ක්ශනිකව හැරී ලූණු කැපුවෙමි..
” කොණ්ඩේ ටිකක් කොට… සුදු.. රවුම් ඇස් තියන.. හිනා වෙනකොට ඩිම්පල් එන චුට්ටක් මහත අහිංසක නපුරු මෝඩ බුද්ධිමත් චූටි කෙල්ලෙක්ට..”
” මේ උඹට මේ කපේට කෙල්ලෙක් හොයන්න බෑ..
උඹ ඔය කියන රවුක් ඇස් තියන ඩිම්පල් තියන කෙල්ලෝ හොයන්න අපිට ඒරොප්පෙත් යන්න වෙයි”
” එහෙම අය ඉන්නවා..”
අයියා හොර ඇහැක් දමමින් කියයි..
පහුවනිදා පිරිතට යාමට සුදු ලේස් ගවුමක් ඇන්දෙමි..
කණ්නාඩිය ගාව කොණ්ඩය පීරණ විට මා මාදෙසම බැලුවෙමි.
‘ රවුම් ඇස්..මා ඇස් දෙස බැලුවෙමි.. ඔව් ඒවා රවුම් ය.. හිනා වෙනකොට එන ඩිම්පල්…කොට කොණ්ඩේ..’
අයියා කොච්චරක්නම් තමාව නිරීක්ෂණය කර ඇද්ද?
ලැජ්ජය… ඔහු තව මොනා නම් බලා ඇද්ද?
පිරිතත් පසු දා දානයත් ඉවර විය..සියල්ලන්ම සැටියට බරවී සවස කතාවට බර විය..
“දැන් ඉතිං ලෑස්ති වෙන්න තමා පුතා තියෙන්නේ.. බෑග් එහෙම ලෑස්ති කරගන්න”
” ඔව් චූටි මාමේ..දැන් ලෑස්ති කරන් යන ගමන්”
මොකද්ද මේ හතරබීරි කතාව.. මෙයා කොහෙ යන්න ද යන්නේ…
” අක්කේ..” මා හෙමින් කතා කලෙමි..
” මොකෝ”
” අයියා කොහෙද ඕයි යන්නේ??”
” ඇයි තමුසේ දන්නේ නැද්ද? අයියා අනිද්දා අවුරුදු තුනකට කැනඩා යනවා..”
පපුව පිච්චී යනවා සේ ය..
කව්රුත් නොකීවේ ඇයි..
ඔහු ඊයෙවත් කීවේ නැත.
ඔහුට කුමකින් හෝ දමා ගසන්නට තරම් තරහය..
මා යනවිට හැමෝටම වැන්දාට අයියව හිතාමතාම මඟහැරියාය. මෙච්චර දෙයක් ඔහු නොකීවේය.. සමාවක් නම් දිය නොහැක..
අපි සියල්ලන්ම ඔහු ඇරලවන්නට ගියෙමු. මට ඇඬින. ඔහු ඔලුව අතගා අඬන්න එපා’යි කීවේය.. නමුත් දුකය.. බැඳීමක් නමට නැතිමුත් මා හිතින් ඔහුට බැඳී අවසන් ය..
“පරිස්සමින් යන්න..බුදු සරණයි”
ඔහු ගියේ ය..
මා ගෙදර පැමිණ කෑ ගසා ඇඬුවෙමි.
තාත්තාත් අම්මාත් අක්කාත් සිතන්නට ඇත්තේ ඔහු සහෝදරයා නිසා ඒ දුකට අඬනවා කියා ය..
නමුත් නැත..
මේ ඊට වඩා එහා ගිය බැඳීමකී..
අතීතයෙන් එකවරම ඇහැරුනේ අක්කා කතා කරන හඬටයි..
අවුරුදු තුනකට පසු අයියා ආවේ ඊයේ රෑ ය..
ඔහු එනතුරු මා ඇඟිලි ගැන ගැන සිටියත් ඔහුට මනමාලියක් හමුවීම පපුවට පිහියකි අනින්නාක් මෙනි..
දුරකතනයක් මටම කියා නොතිබූ නිසා ඔහුට කතා කරන්නටද නොහැක