රන්දම්වැල් කෙටිකතාව – අවසාන කොටස

459

ඔහු එනතුරු මා ඇඟිලි ගැන ගැන සිටියත් ඔහුට මනමාලියක් හමුවීම පපුවට පිහියකි අනින්නාක් මෙනි..

දුරකතනයක් මටම කියා නොතිබූ නිසා ඔහුට කතා කරන්නටද නොහැක.

රෙද්දක් ඇඳගෙන කතා කල ද නොහැක. මන් ද අවුරුදු ගාණකට පෙර සිටි ඔහු සමහර විට වෙනස් වී තිබිය හැක. මා පිලිබඳ පෙන්වූ විශේෂ හැඟීම නැතිවාක් විය හැක..

එසේ වී ඇත්නම්???

සිතාගත නොහැක..

ලොක්කා නැන්දි මනමාලියක් බලන්නට ඇත..

නැත්නම් මේ හදිසියේ මනමාලියක් කොයින්ද??

නෑදෑකම නිසා ඔහුට අහන්න බැරිය.. ඇයට ද අඟවන්නට බැරිය.. අම්මා කෙසේ වෙතත් තාත්තා සහ අක්කා මා මරණු ඇත.. ලොක්කා නැන්දි ද මෙයට විරුද්ධ විය හැක..නමුත් හිත රවටන්නේ කෙසේ ද?

සියල්ලන්ටම ප්‍රථම සෙව්වන්තගේ සිතේ තමන් ගැන හැඟීමක් තවමත් තිබේදැයි දැනගත යුතුය..

තවමත් තිබේ නම් ඔහු එය කිව යුතු ය..

එසේ නොමැති නම්….!!

එසේ නොමැති නම් මා ඔහුව අමතක
කල යුතුය.. පෙර පරිදි සහෝදරයෙක් සේ ඔහු දෙස
බැලිය යුතුයි..නමුත් ඔහු වෙනුවෙන් හිරිමල් වියේදී ඇති වූ පළමූ ප්‍රේමය අමතක කරන්නේ කෙසේද??

” පොඩ්ඩී.. මෙහෙ එන්න…මේ ගේ අතුගන්න ඇවිල්ලා”

හවස ඔහු අවේ ය. මා පහලට නොබැස උඩට වී උන්නෙමි..ඔහු මා ඇසිය යුතුයි.. මා සෙවිය යුතුයි..
මා හිතුවක්කාර උනෙමි..

“කෝ පොඩ්ඩී…?”
ඒ නැන්දිය..

මට ඒ හඬ ඇසෙයි..

” පොඩ්ඩී….එන්න පහලට..මොකද කරන්නේ?”

මා හනික පොරවාගෙන නිදා ගත්තෙමි…

අක්කා දොර රෙද්දෙන් මෑත් කර මා බලා ගියා ය..

” හොඳටම නිදි”

” දැන් ඉතිං නිදා ගන්න එකමයි වැඩේ.. පන්ති මුකුත් නෑනේ.”

‘ඔහු නිහඬ ඇයි??? ‘

අඩුම තරමෙ කෝ නංගි කියා ඔහුට අසන්නට තිබුනේ නැද්ද?

පිරිමින් සියල්ල එකය…

වෙනස් වන්නේ ය..

ඇස් වලට ඔහේ කඳුලු ගලන්නට දුන්නෙමි.. දුකට කෑ ගසා අඬන්නය සිතෙන්නෙය.. අවුරුදු තුනක් තිස්සේ සිත තුල කිලිටි වන්නට නොදී රහසින් ආරක්ෂා කල ප්‍රේමය..කිසිවක් නැත

ඔහුව මා සිතා සිටියේ පෙරාපු රත්තරං සේ ය.. නමුත් ඔහු?

මා පහලට ගියේ ඔවුන් ගිහින් පැයකට පමණ පසුවය..

“පොඩ්ඩී නැගිට්ටද?? අපරාදේ ලොකු අයියා අවනේ.ඔයාව ඇහුවත් එක්ක?”

” ලොකු අයියා ද නැන්දද ඇහුවේ?”

අක්කා ඇස් ලොකු කරන් මා දෙස බලන් හිදියි..

“පොඩ්ඩිට කියලා ගහපු වෙනම පර්සල් එකක් තියනවා. අම්මෝ මේකේ ලොකු බං.. බරත් එක්ක. මේක මං කඩන්න ද?”

” අත තියන්නෙ නෑ.”

මං ඒක උඩට අරං ගියේ.. අපහු ඔහුටම දීමට හිතමිනි..

ඇඳ අයිනකට දමා මං එලියට ආවෙමි..

” මට උන්දගේ අබ ඇටයක්වත් එපා”

” ලොකු අයියා උස මහත් වෙලා නේද අම්මා? ලස්සන වෙලා”

අක්කා කියනවා මා අසානය..දුවගෙන ගොස් ඔහුව බලන්නට ඇත්නම් කියා සිතෙන්නේ දැන් ය..

අදත් නින්දක් අහලකවත් නැත.. මා ඔහේ කල්පනා කලෙමි..මට දුන් පර්සල් එක තවමත් ඇඳ කොනේය..

මා එදෙස බලාන උන්නෙමි…

අඩුම තරමේ ඔහු චොකලට් හෝ ගෙනත් ඇත.. නමුත් එය මටම කියා පර්සල් කලේ ඇයි? මේ තුල කුමක් හෝ???

මා හනික එය ලඟට ගෙන හෙමින් හෙමින් පර්සලය කැඩුවෙමි.. උඩින්ම තිබුනේ Ferrero Rocher ලොකු චොකලට් එකකි.. එයින් පසු ලෙදර් බෑග් එකක් එකටම මැච් වෙන ප(ර්)ස් එක එකට මැච් වෙන ලෙදර් පටි වොච් එකක්ද විය. යටින් තිබූ බොක්ස් එක ඔතා තිබේ..

ෆෝන් එකකි..

අලුත් වර්ගයේ ඇපල් දුරකතනයකි..

සිම් පතක් ද ඇත..

එහි කොලයක ලියූ නම්බරයක් ද වේ..

‘ මට කතා කරන්න ඕන ‘ යනුවෙන් ලියා ඇත..

අනේ මට ඇඬිනි..

ඔහුට.. ඔහුට මා අමතක වී නැත..

මා අවුරුදු ගාණක් බලාසිටියාට වරදක් වී නැත..මගේ ආදරේ නිෂ්පල වී නැත…

මා සිම්පත දමා මා ඔහුට ගත්තෙමි..

කටහඬ අහන්න ආසය.. ඔහු සමඟ කතා කරන්නට ඇවැසිය.
ඉතිං සියලු විස්සෝපයන් පසෙකලා මං කතා කලෙමි..

” හෙලෝ”

” මං මේ කෝල් එක මීට කලින් එයි කියලා බලන් හිටියා…”

ඒ කටහඬ හීනෙන් ඇසෙනවා සේ ය..

අවුරුදු තුනකට පසු ඔහු යලිත්…

ආදරේට දින, මාස, අවුරුදු කියන්නෙ වචන විතරයි..ඇත්තටම ආදරෙයි නම් හීනෙනුත් මග සලකුණු තියයි.

අවසන්..

මේ විදිහට ආධුනික ඔබත් කෙටි කතා ලියා ඒවා නොමිලේ පල කරවා ගැනීමට කැමති නම් හිතුවක්කාරි පේජ් එකට මැසේජ් එකක් දාන්න..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *