කන්‍යාභාවය ගැන ඔබ නොදන්න කරුණු 10 ක්

2515

කන්‍යාපටලය, එහෙම නැත්නම් කන්‍යාභාවය කියන්න අපේ වගේ රටක අනවශ්‍ය වැදගත්කමක් දීලා තියෙන දෙයක්. මේ කන්‍යාභාවය කියන්නෙ මොකක්ද කියන එකවත් හරියට නොදන්න අය මේ ගැන කතා කරත් ගොඩක් අය නොදන්න කතා කිහිපයක් කන්‍යාපටලය වටා ගෙතී පවතිනවා.

කන්‍යාපටලය කියන්නෙ පිරිසිදුකම මනින මිනිම් දණ්ඩක් ලෙස ගොඩක් අය හිතාගෙන ඉන්නවා. ඒත් කන්‍යාභාවය එහෙමත් නැත්නම් කන්‍යාපටලය උපතින්ම අහිමි වෙලා ඉපදෙන අය ඉන්නවා කියලා ඔබ කවදාවත් දැනගෙන හිටියද ?

අපේ ශරීරෙ තියෙන හැම කොටසකින්ම ශරීරයට මොකක් හරි කාර්යයක් සිදු වුණත් කන්‍යාපටලයෙන් ශරීරයට සිදු වෙන ප්‍රයෝජනයක් මේ වන තෙක් හඳුනාගෙන නැහැ.

කුඩා මස් වැදැල්ලකින් සමන්විත වෙන මේ කන්‍යාපටලය පලමු ලින්ගික එකතු වීමේදී බිඳී යනවා. නමුත් දෙවන එකතු වීමක් නැවත කාලයකින් සිදු නොවුණහොත් එම කන්‍යා පටලය නැවත එකතු වීමේ ඉඩකඩකුත් පවතිනවා.

ඒ වගේම පළමු ලින්ගික එකතු වීමකදී බිඳී නොයන කන්‍යා පටල තිබෙනවා. ඒ එහි තිබෙන යම් දැඩි බවක් හේතුවෙන්. එය දෙවන තෙවන එකතුවීම් වලදී බිඳී යා හැකියි.

ඇතැමුන්ගේ කන්‍යාපටලය යෝනි මාර්ගය වසමින් පිහිටන නිසා ශල්‍යකර්ම ඔස්සේ එය ඉවත් කිරීමකට යොමු වෙනවා.

විවිධ දෑ යෝනිය තුළට ඇතුල් කිරීමෙන්, ජිම්නාස්ටික් බයිසිකල් පදීම වැනි ක්‍රීඩා ඔස්සේද මෙය බිදී යාමේ අවධානම තියෙනවා.

ඒ වගේම කන්‍යාපටලයෙන් ලින්ගිකව එකතු වී තිබෙනවාද නැද්ද කියන කාරණය කිසි විටෙකත් තහවුරු කරන්න බෑ.

මේ වගේ දෙයක් දැනුමෙන් තොර පුද්ගලයින්ගේ පරීක්ෂාවන් හේතුවෙන් දිනකට ලෝකයේ කාන්තාවන් සිය ගණනක් අසරණ භාවයට පත් වෙනවා.

කන්‍යාපටල පිළිබඳව මේ පවතින තත්ත්වයන් හේතුවෙන් මේ වන විට කන්‍යාපටලය නැවත සකස් කිරීමේ ශල්‍යකර්ම පවා තියෙනවා. ඉන් කිසිදු හානිකර තත්ත්වයන් නොමැති වූවත් නොදන්නා පුද්ගලයින් මෙවැනි ශල්‍යකර්ම සිදු කිරීමට යාමෙන් මරණය පවා අත්විය හැකියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *