කෙල්ලෙක්ගෙ බෑග් එකක තියෙන්නම ඕනි දේවල්

843

ගෑණු ළමයෙක්ගෙ බෑග් එකක් අරගෙන බැලුවොත් සමහර අයගෙ බෑග් වල ඕනි දේවල් වගේම එපා දේවලුත් පිරිලා තියෙන්න පුළුවන්. සමහර අයගෙ බෑග් වල අවශ්‍ය මූලිකම දේවල් ටිකවත් නැති වෙන්න පුළුවන්. ගෑණු ළමයෙක් කියන්නෙ කොහෙ ගියත් සූදානම් ශරීරෙන් ඉන්න ඕනි අය නිසා ඒ අයගෙ බෑග් එක හොඳම යාළුවෙක් වෙන්න අන්න ඒ නිසයි. අද අපි ඔයා එක්ක කතා කරන්න හිතුවෙ කෙල්ලෙක්ගෙ බෑග් එකක තියෙන්නම ඕනි දේවල් මොනවද කියන එක ගැනයි.

පර්ස් එක  පිරිමි අයට වගේ සල්ලි සාක්කුවේ දාගෙන හරි එහෙම නැත්නම් පර්ස් එක පිටිපස්සෙ සාක්කුවේ දාගෙන හරි ඕනි තැනක යන්න ගැහැණු අයට බෑ. ඒකට හේතුව ගෑණු අය හැම වෙලේම කලිසම් අදින්නෙ නැති වීමයි. අන්න ඒ නිසා අරගෙන යන පර්ස් එක අනිවාර්යෙන්ම බෑග් එකක තිබිය යුතුයි. ඔයාට පුළුවන් නම් වොලට් දෙකක් පාවිච්චි කරන්න. එක වොලට් එකක් ඔයාගෙ සල්ලි දාන්න යූස් කරන්න. අනිත් වොලට් එකේ ඔයාගෙ අයිඩින්ටි කාර් එක, බෑන්ක් කාඩ්ස්, ලයිසන්ස්, විසිටින් කාඩ් වගේ දේවල් දාන්න තියාගන්න. එතකොට ලොකු අපහසුතාවලින් තොරව ඔයාට වැඩ කරගන්න ලේසියි. ඒ වගේම වොලට් එකක් නැති වුණොත් එහෙම ඔයාගෙ වටින දේවල් එකපාරම නැති කරගන්නවට වඩා ඒකෙන් බාගයක් හරි වෙන වොලට් එකක ඉතුරු වෙන එක ඔයාට ලොකු දෙයක් වෙයි.

වතුර බෝතලයක්  ගොඩක් අය අමතක කරනම දෙයක් තමයි වතුර බෝතලේ කියලා කියන්නෙ. වතුර තිබහක් හැදුනම කඩෙන් වතුර බෝතලයක් ගන්න ගොඩක් අය හුරු වෙලා ඉන්නවා. ඒත් හදිස්සියේ එහෙම වතුර බෝතලයක් ගන්න බැරි තැනක ඔයා හිටියොත් ඔයාට ලොකු අපහසුතාවයක් දැනෙන්න පුලුවන්. ඒ වගේම වතුර බෝතල් හැමදාම කඩෙන් ගන්නවා කියන්නෙ අනවශ්‍ය වියදම්. ඒකට ඔයාට පුළුවන් බෑග් එකේ වතුර බෝතලයක් දාගෙන ඉන්න. මේ වතුර බෝතලේ වීදුරු වගේ මෙටීරියල් එකකින් තියෙන එකක් නම් හොඳයි. මොකද ප්ලාස්ටික් බෝතල් වරක් පාවිච්චි කරාට පස්සෙ ආයෙත් පාවිච්චි කරන එක ඒ තරම් සෞඛ්‍යට සුදුසු නෑ.

කුඩය  අව්වට වගේම වැස්සටත් නැතිවම බැරි දෙයක්නෙ කුඩේ කියන්නෙ. ඔයාට පුළුවන් නම් තුනට කඩන පොඩි කුඩයක් බෑග් එකේ දාගෙන යන්න ඒ තරම් ඉඩ ඇහිරෙන්නෙත් නෑ. ඔයාට වැස්සෙන් අව්වෙන් පීඩා විදින්න ඕනිත් නෑ.

පුන්චි මේකප් බඩු  මේකප් කිව්වම ඔයාගෙ ඔළුවට එනවා වගේ ලොකු ලොකු මේකප් බඩ් ගැන නෙවෙයි මේ කියන්නෙ. හදිස්සියකට ලිප්ස්ටික් එකක්, පව්ඩර් එකක් , ඩියෝ එකක් , ටිෂූ පැකට් එකක්, ඕඩික්ලෝන් එකක්, පොඩි පර්ෆියුම් එකක් බෑග් එකේ තියෙන එක ගොඩක් වටිනවා. මේ දේවල් බෑග් එකේ තැන තැන දාන්නෙ නැතිව පොඩි කේස් එකකට දැම්මම පිළිවෙලයි.

ස්නැක්ස්  එහෙ මෙහෙ යනකොට එන පොඩි බඩගිනි නිවන්න පොඩි පොඩි ස්නැක්ස් වගේ දේවල් බෑග් එකේ තියෙන එක හොඳ දෙයක්.

නෝට් බුක් එකක්, පෑනක්  විශේෂ අවස්ථාවලදී පෑනක් පොතක් ඕනි වෙන අවස්ථා ඔයාටත් ඇවිත් ඇති. ඉතින් පොඩි නෝට් බුක් එකක්, පෑනක් බෑග් එකේ තියෙන එක හරියට වටිනවා.

පැඩිටේෂන් ටවල්ස්  තමන්ගෙ පීරියඩ්ස් දවස් වලට විතරක් නෙවෙයි හැම වෙලේම පෑඩ්ස් දෙකක් තුනක් බෑග් එකේ දාගෙන තියාගන්න එක හොඳ පුරුද්දක්.

ඔයා යූස් කරන බෑග් එක ටිකක් ලොකු එකක් වුණත් කමක් නෑ, අවශ්‍ය හැමදේම තමන් ලඟ තියාගෙන එළියට බහින එක හැම අතකින්ම හොඳ දෙයක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *