හැමෝම ආදරේ කරන මොකක්ද මේ හිපි සංස්කෘතිය

778

ලෝකයේ කාලෙන් කාලෙට එක එක තාලයේ උප සංස්කෘතීන් පහළ වෙනවා. හිපි සංස්කෘතිය ගැන ඔබ අසා ඇති. ඔවුන්ටම ආවේණික වූ ඇඳුම් විලාසිතා, කොණ්ඩ විලාසිතා වගේම පච්ච විලාසිතා තියෙනවා. මේ සංස්කෘතිය අනුගමනය කරන අය ගොඩක් සරලව නිදහසේ ජීවත් වෙන්න කැමති අයයි. අන්න ඒ නිසාම ගොඩක් දෙනා මේ හිපි සංස්කෘතියට ආදරේ කරනවා.

බටහිර යුරෝපා රටවලින් හිපි සංස්කෘතිය ඇරඹීලා තියෙනවා. ඉන් පසුව සමස්තයක් වශයෙන් ලොව පුරා විශාල සංස්කෘතීන් තුලට යම් ආකාරයක් හෝ බලපෑමක් එල්ල කරන ලද උප සංස්කෘතික් ලෙස හිපි සංස්කෘතිය හදුන්වන්න පුලුවන්.

“හිපි” කියා හැඳින්වෙන උප සංස්කෘතිය 1960, 1970 දශකවල ප්‍රධාන ඇමෙරිකන් සංස්කෘතියට එරෙහි වූ තරුණ ව්‍යාපාරයක් වශයෙන් එක්සත් ජනපදයේ දී බිහි වී තිබෙනවා.

මුලදී මේ ව්‍යාපාරය එක්සත් ජනපදයේ පාසල්වල හා විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වී තිබෙන් අතර එය කැනඩාව, බ්‍රිතාන්‍යය වගේ අන් රටවල්වලද පැතිර ගොස් තිබෙන්නේ  වසංගතයක් විදිහටයි. යුරෝපා රටවල වගේම  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙක්සිකෝව, සහ  බ්‍රසීලය වගේ රටවලත්, ආසියාතික රටක් වූණ ජපානය තුලත්  තරුණ තරුණියන් මේ හිපි උපසංස්කෘතියට ආකර්ෂණය වෙලා තියනවා . සංගීතය, සාහිත්‍යය, ඇඳුම් විලාසිතා, නාට්‍ය කලාව, දෘශ්‍ය කලාවන් වූ චිත්‍රපටි, රොක් සංගීත සන්දර්ශන පිළිබඳ කියවෙන පෝස්ටර් හා බැනර් ආදිය තුලින් හිපි සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා.

1967 වසර වෙනකොට එක්සත් ජනපද ජනගහණයෙන් 0.2% ක ප්‍රතිශතයක් හිපි සංස්කෘතිය නියෝජනය කරන්නන් බවට පත්වෙලා තියෙනවා.

Hipster යන වදනින් ‘හිපි’ යන වචනය බිඳී තිබෙන බව විශ්වාස කෙරෙනවා. ඉනෙන් පහළට එල්ලෙන ඇඳුමට 1940 දී හිප්ස්ටර් කියන නම ලබා දුන්නේ හැරී ගිබ්සන් නැමැත්තායි. හිප් යන වචනය 1960 දශකය මුල් භාගයේ දී භාවිතයට ගෙන තිබෙනවා.එය ඉතා පැහැදිලි අරුතක් සපයන වචනයක් ලෙස 1965 වසරේ  මුද්‍රිත මාධ්‍යයට පැමිණ තිබෙනවා.ඒ  ‘A New Heaven for Beatnik’ යන ලිපිය මගින්.ඒ ලිපිය සැන් ෆ්‍රැන්සිස්කෝ හි මාධ්‍යවේදියෙකු වූ Michael Fallon විසින් ලියා තිබෙනවා. මෙය නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූවා. එම ලිපියෙන් විස්තර කෙරුණේ Fourth Beach සිට Ashburry දිස්ත්‍රික්කයට පැමිණ සිටි Beatnik නව පරම්පරාව පිළිබඳවයි. ඒ පරපුර හැඳින්වීමට මයිකල් හිපි නැමැති වචනය යොදාගෙන තිබෙනවා.

Beatnik පරම්පරාවේ පුද්ගලයින් සාමාන්‍ය යැයි පිළිගන්නා දිවි පෙවතට විරුද්ධ ජීවන රටා හා ප්‍රතිසංස්කෘති පවත්වාගෙන ගිය අය ලෙස සැලකෙනවා. මේ අය පුංචි  කණ්ඩායම් හා ප්‍රජාවන් ගොඩනඟාගෙන තිබෙනව. වේගවත් සංගීතයට ඇහුම්කන් දෙමින් ලිංගික විප්ලවයක් වෙනුවෙන් චිත්ත සමාධිය වෙන්වෙන් මරිජුවානා හා LSD වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන අයයි .

හිපි සංස්කෘතියේ අය නිදහස් ලිංගික ජීවිතය ප්‍රිය කරනවා.ඒ අය මස් මාංශයෙන් තොරව, ස්වභාව ධර්මයට සමීපව ජීවත්වීමට ප්‍රිය කරනව.විකල්ප කලා මාධ්‍යයන් ද මොවුන් වෙතින් බිහි වී තියනවා.

වීදි නාට්‍ය, ජන සංගීතය ආදියට මොවුන් නැඹුරුයි. ඔවුන් මූලික වශයෙන් අගය කළේ සාමය, ආදරය, හා පෞද්ගලික නිදහස යන දේවල්.

ලිංගිකත්වයට හිපි සංස්කෘතියේ තිබුණේ අසීමිත නිදහසක්. කිසිම හිපියකු එකම ලිංගික සහයකයකු හෝ සහායිකාවක මත යැපෙන්නේ නැහ. ‘ලිංගික විප්ලවය’ යනුවෙන් අර්ථ දක්වමින් හිපියන් කීවේ තමන්ට ඕනෑම කෙනෙකු සමග ඕනෑම වෙලාවක ලිංගික කර්තව්‍යයේ දෙන්නට නිදහස තියෙන්න ඕනි කියායි. ඒ නිසා ඔවුන් විවාහය ගණනකට ගන්නේ නැ.

මේ සංස්කෘතිය හරහා නීත්‍යානුකූල පියෙකු නැති පවුල් ඒකකයන්, දරුවන් බිහිවීම සමාජයට තර්ජනයක් බවට  තර්ක ගොඩ නැඟි තිබෙනවා. ගොඩක් හිපියන් අවිවාහකව ජීවත් වෙනවා. ඒ අතරතුර හිපියන් අතර සමලිංගිකත්වය, ද්විලිංගික සේවනය, වගේම බහු ලිංගික සේවනයත් ප්‍රචලිතව දකින්න පුලුවන්.

දේශීය සහ විදේශීය සංචාරකයන් ද හිපි සංස්කෘතිය ප්‍රබල අංගයක් ලෙස සැලකෙනවා. මිත්‍රත්වය වැඩි කරගැනීම වෙනුවෙන් ඔවුහු විවිධ ප්‍රදේශවල සංචාර කරනවා.

වැදගත්  දේ පමණක් ඔවුන්ගේ සැහැල්ලු ගමන් මලු වලට තිබෙනව.  තැනින් තැනට ගමන් කරමින් සමහර හිපියන් ජීවත් වෙනවා. සමහර අය ඒ සඳහා භාවිත කළේ කැරවෑන්ය.

ප්‍රවාහනය වෙනුවෙන්  භාවිත කළ මෝටර් සයිකල්, මෝටර් රථ, වෑන්, හෝ බස් රථ සාමාන්‍යය ඒවාට වඩා වෙනස් ආකාරයෙන් පෙනෙන පරිදි ඔවුහු ඒවාට විවිධ වෙනස්කම් එකතු කරනවා.විශේෂයෙන්ම විවිධ දීප්තිමත් පාට තීන්ත වර්ග වලින් ඒවා ආලේප කරන්න ඔවුන් පෙළඹෙනවා.

හිපියන් දේශපාලනමය කාරණා සඳහා ද ඉතාමත් සාමකාමී ලෙස බලපෑම් එල්ල කරනවා.වියට්නාම් යුද්ධයට එරෙහිව අයිතිවාසිකම් වෙනුවෙන්  ඔවුහු නිහඬ සාමකාමී පා ගමන් වල යෙදෙනවා. හිපියන්ගේ මූලිකම දේශපාලන දර්ශනය සාමයයි. ඔවුන් යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය හෙලා දකිනවා.

ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇති වූ ‘හරේ රාමා – හරේ ක්‍රිෂ්ණා’ වැනි සංවිධාන ද හිපියන්ගේ ආභාෂය ලබාගත් ඒවා ලෙස සැලකෙනවා.

කාලයත් එක්ක හිපියන් අඳින පලඳින ආකාරය Fashion Trend එකක් වෙලා තියනවා. අද වෙනකොට විට හිපි යනු ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. විවිධ Music Festivals වල මේ Hipster Clothing Trend එක බහුලව දක්නට ලැබෙනවා.


TAG


Leave a Reply

Your email address will not be published. Required fields are marked *