හුස්ම ගන්නකොට කවදම හරි හිතලා තියෙනවද ඉස්සර වගේ පරිසරයක් දැන් නැහැ කියන එක ? මේකට හේතු ගොඩක් තියෙනවා. මූලිකම කාරණය පරිසර විනාශය. මේ විනාශයට ප්රධානව වගකිව යුත්තා මිනිසාම පමණයි.
එහෙව් විනාශකාරී මිනිසුන් සිටින ලොවක, තම පැවැත්මට වගේම ඉදිරියේ ජිවත් වන්නට එන අයගේ පැවැත්ම ගැන හිතලා අලුතින් දේවල් ලෝකය සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ හරිම කලාතුරකින්.
ප්ලාස්ටික් , පොලිතින් කියන්නෙ ලෝක විනාශය වෙන්න මූලිකවම වගකියන්න ඕනි දෙන්නෙක්. අපි කන ටොෆි කොල වල, චොකලට් කොල වල සිට අපි පාවිච්චි කරන ප්ලාස්ටික් කෝප්පෙ පිගාන පවා පරිසර දූෂණයට අත වනන මාරයන්.
ප්ලාස්ටික් වෙනුවට කෙසෙල් කොළ භාවිතා කරමින් නිෂ්පාදනය කෙරුණ හරි අපූරු ඩෙසට් කප් එකක් නිශ්පාදනය කරලා තියෙනවා. ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ ඩෙසට් කප් එක වෙනස් වගේම මේ ඩෙසට් කප් එකේ දාගෙන අයිස්ක්රීම් වගේ දෙයක් කනවා කියන්නෙත් වෙනස්ම අත්දැකීමක්.
මේක අපේ රටෙන් අහන්න දකින්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒත් අපිට පුළුවන් මේ දේ ආදර්ශයට අරගන්න. පරිසර දූෂණයට එක ඇසිල්ලකින් හෝ විරුද්ධ වෙන්න.
බලන්න මේ නිර්මාණය කොතරම් සුන්දර වගේම පරිසර හිතකාමීද කියලා?