චොක්ලට් කෑම මෝඩකමක් ?

469

මේ ගැන දන්නවා නම් ඔයා හැමදාම චොකලට් කයි

චොකලට් කියලා කියන්නෙ ලොකු පොඩි බේදයක් නැතිවම අපි කවුරුත් කන්න කැමති කෑමක්. ඒ වගේම චොකලට් අඩන්ගු වෙලා තියෙන චොකලට් කේක්, චොකලට් බිස්කට්, චොකලට් මූස්, චොකලට් ඩ්‍රින්ක් වගේ දේවල් වලටත් අපි කැමැත්තක් දක්වන්නෙ චොකලට් වලට තියෙන කැමැත්ත නිසාමයි.

සීනි අඩන්ගු වෙලා තියෙන කෑමක් නිසා චොකලට් කන්න සමහර අය බියක් දක්වනවා. ඒත් චොකලට් වල තියෙන මේ ගුණ ගැන ඔයත් දන්නවා නම් ඔයා හැමදාම චොකලට් කයි.

චොකලට් වල ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන කොකෝවා ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී ෆීනෝලික් සංයෝග අඩංගු බව ඔප්පු වෙලා තියෙනවා.

කන්න වඩාත් සුදුසු වෙන්න ඩාර්ක් චොකලට් තමයි.

කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට චොකලට් දායක වෙනවා.

චොකලට් වල ඇති ෆ්ලේවනොයිඩ්ස් ඔබේ නහර සහ ධමනි අතිරේකව තබා ගැනීමට උපකාරී වන බව බොහෝ අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙනවා.

වයසට යනකොට මතකය වැඩි දියුණු කිරීමට චොකලට් උපකාරී වෙනවා.

ඇතැම් පෝෂනවේදීන් පෙන්වා දෙනවා අධි රුධිර පීඩනය අවම කර ගැනීම, හෘදයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම, මතක ශක්තිය වැඩි කිරීම මෙන්ම හෘදයාබාධ වලක්වා ගැනීමටත් කොකෝවා ප්‍රතිශතයෙන් ඉහළ කළු චොක්ලට්(ඩාර්ක් චොකලට්) දිනපතා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙන බව.

2001 වසරේ භෞතිකවිද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි කර ගත් එරික් කෝනෙල් රොයිටර් පුවත් සේවය අමතමින් හරි අපූරු ප්‍රකාශයක් සඳහන් කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ සිය සාර්ථකත්වයේ රහස වන්නේ තමන් විශාල වශයෙන් චොක්ලට් ආහාරයට ගැනීම බවයි.

“පෞද්ගලිකව මගේ මතය තමයි සාමාන්‍ය චොක්ලට් කන එක මෝඩකමක්, කන්න ඕනේ කොකෝවා ප්‍රතිශතය වැඩි වෙලා තියෙන කළු චොකලට්.චොක්ලට් හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍යයක් තමයි කොකෝවා වල තියෙන පෝෂණ ගුණ වලින් තමයි චොක්ලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි නිර්මාණය වන්නේ. ඒත් කොකෝවා තනිවම අමුද්‍රව්‍යයක් වශයෙන් ගත්තහම ඉතාමත් තිත්ත තද කහට රහක් තියෙන සංඝටක වලින් තමයි හැදිලා තිබෙන්නේ. අන්න ඒ නිසා තමයි චොක්ලට් හදනකොට කොකෝවා වල තියෙන ඒ තිත්ත රස අඩු කරන්න ගොඩක් සීනියි කිරියි මිශ්‍ර කරන්නේ.” එරික් කෝනෙල් තමන්ගෙ මතය පැහැදිළි කර.

චොකලට් වල තියෙන අහිතකර තත්ත්වය වෙන්න චොකලට් වල රසය වැඩි කරන්න යොදන සීනි සහ මේද ප්‍රමාණයයි. චොකලට් එකක් තොරගන්නකොට කොකෝවා ප්‍රතිශතය වැඩි ඩාර්ක් චොකලට් කන එක හරිම වැදගත්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *