”මගෙන් කාටවත් වැඩක් නෑ” – ඔයාටත් මෙහෙම හිතෙනවා නම් මේ කතාව ඔයාටමයි

845

”මගෙන් නම් කාටවත් ඇති වැඩක් නෑ, මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා ගියා නම්” ඔයත් තමන් ගැන මෙහෙම හිතන කෙනෙක්ද ? ජීවිතේ කලකිරීමෙන් ගෙවන ගමන් තමන්ගෙ වටිනාකම අදුරගන්න බැරිව ලත වෙන කෙනෙක් නම් මේ කියන්න යන කතාව ඔයාට ගොඩක් වැධගත් වෙයි.

මේ ලෝකෙට අත පය හතර එක්ක තමයි ගොඩ දෙනෙක් ඇවිත් තියෙන්නෙ, අතිශය සුළු පිරිසකට පෙනීම, ඇසීම, කතා කිරීම අහිමි වුණත් බොහෝ පිරිසකට ඒ වරප්‍රසාද නොඅඩුව තියෙනවා. ඒත් එහෙම තිබිලත් ඔබ ඔබ ගැනම කලකිරීමෙන් නම් ජීවිතේට ලොකු කතන්දරයක් උගන්වන්නම වෙනවා.

ඔයාට ජීවිතේ එපා වෙලා තියෙන කාරණා කිහිපයයි තියෙන්න පුළුවන්. එකක් ඔයාට ආදරේ අහිමි වීම නිසා ඔයා හිත රිද්දගෙන ජීවිතේ කලකිරවගෙන ඇති. නැත්නම් ජීවිතේට හම්බෙලා හිටපු සහ ඉන්න මිනිස්සු නිසා ජීවිතේ කලකිරවගෙන ඇති. නැත්නම් තමන්ට නැති අනිත් අයගෙ ලඟ තියෙන දේවල් දැකලා හිත රිද්දවගෙන ඇති.

ඒත් ඔයාට නිකමටවත් හිතුනද ජීවිතේ එහෙම එපා වෙන්න තියෙන කාරණාවන්ට වඩා ලොකු ප්‍රමාණයක් ඔයාට ජීවත් වෙන්න මේ දැනටමත් දේවල් ලඟ තියෙනවා කියලා. ඔයා රූපය නිසා දුක් විදිනවා නම් හිතන්න තමන්ගෙ මූණට වඩා අවලස්සන මූණු තියෙන මිනිස්සුත්, මූණ විවිධ විපර්යාස නිසා විකෘතු වුණ මිනිස්සුත් මේ ලෝකෙ ඔයාට වඩා සතුටින් ජීවත් වෙනවා කියන එක. අත් දෙකයි කකුල් දෙකයි තියෙන ඔයා වෙනත් දේවල් නිසා හිත කඩා වට්ටවගන්නවා නම් හිතන්න අතපය නැති මිනිස්සුත් මේ ලෝකෙ සතුටින් හුස්ම ගන්නවා කියන එක.

ජීවිතේ කියන්න අපිට එකපාරක් විතරක් වියදම් කරන්න ලැබෙන වටින කාසියක් කියලා ලිලියන් ඩික්සන් කියලා තියෙන ජීවිතේ ඔයා හිතනවට වඩා වැදගත් වගේම ලස්සන නිසයි.

අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පිළිගන්න ඕනි එක කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ජීවිත කාලෙ අපි ලඟ වැඩිපුරම ඉන්න කෙනා තමන් විතරයි කියන කාරණය. තමන්ව සතුටු කරන කාරණය හැම දේකටම වඩා උඩින් තියන්න. තමන්ගෙ ජීවිතේ දිය කරලා වෙන කෙනෙක්ගෙ ජීවිතේ සතුටු කරන්න කලින් දෙපාරක් තමන් ගැන හිතන්න. ඒ වගේම තමන් කිසි තේරුමකට නැති, වැඩකට නැති කෙනෙක් කියලා හිතන එක නතර කරන්න.

එක්තරා ගමක ගොවියෙක් ලඟ කලගෙඩි දෙකක් තිබුණා. එක කලයක් අලුත්, අනිත් කළයෙ කට කැඩිලා පැරණියි. මේ ගොවියා හැම උදේම ගිහින් මේ කල දෙක පුරවන් හේනට වතුර ගේනවා. අලුත් කලේ ඔලුව උඩ තියාගෙන එන මේ ගොවියා පරණ කලය අතින් එල්ලගෙන එනවා. එහෙම එල්ලගෙන එනකොට පරණ කලයෙන් බාගෙට බාගයක් වතුර මග දිගට හැලිලා. මේ ගැන පරණ කලය හිටියෙ හරි දුකින්.

”අනේ මගෙන් මේ ගොවි මහත්තයට කිසි වැඩක් නෑ. හැමදාම ගේන වතුර වලින් බාගයක්ම මගදි හැලෙනවා”

දවසක් පරණ කලය හරි දුකින් මේ ගැන ගොවි මහත්තයටත් කියනවා. එතකොට ගොවි මහත්තයා දීපු උත්තරෙන් කලයට අලුත් පණක් හම්බෙනවා.

”එහෙම කියන්න එපා. ඔයාට පේනවද මේ ලිඳට යන පාර දිගටම තියෙන මල් ගස් පේලිය”

”ඔව්”

”ඒවා පිපෙන්නෙ ඔයා නිසා”

”මම නිසා?”

”ඔව් ඔයාගෙ කැඩුන කටින් හැලෙන වතුර වල බලයෙන් තමයි මේ මල් මේ තරම් ලස්සනට පිපිලා තියෙන්නෙ. ඒ නිසා මම ඔයාට ගොඩක් ආදරෙයි”

අන්න ඒ වගේ අපි මොන දේ කොහොම කිව්වත් අපි හැමෝටම ලස්සන වටිනාකමක් තියෙනවා. වඩා වැදගත් වෙන්නෙ අපි ඒ වටිනාකම හොයාගන්න හැසිරෙන විදිහ විතරයි.

කතෲ අයිතිය සිලෝන් මැගසින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *