අද පිපෙන නෙළුම් කුළුණේ කතන්දරේ

409

නෙළුම් කුළුණ එහෙමත් නැත්නම් ලෝටස් ටවර් එක වසර ගණනාවක ගොඩක් දෙනෙක්ගෙ දාඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අද විවෘත වෙනවා. මුල් ගල තිබුණෙ එක නායකයෙක් වුණාට අද මේක ලෝකෙටම විවෘත වෙන්නෙ වර්තමාන ජනාධිපතිවරයාගේ අතිනුයි.

නෙළුම් කුළුණ කියන්නෙ ආසියාවෙ තිබෙන උඩම කුළුණයි. ඇමරිකානු ඩොලර් මිලියන 104 ක වියදමින් මහල් 17කින් ඉදිවෙලා තියෙන මේ කුළුණ මීටර් 350 ක් පමණ උසකින් යුක්ත වෙනවා.80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ තමයි නෙළුම් කුළුණ ඉදිවෙලා තියෙන්නෙ.

සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් මේ කුළුණ සමන්විතයි.

වැඩ අවසන් කල පසුව නෙළුම් කුළුණ කොළඹ පෑලියගොඩ නගරයේ ඉදි කිරීම සඳහා මුලින් තීරණය කෙරුණත් පසුව රජය විසින් මෙම කුළුණ බේරෙ වැව ආශ්‍රිත කලාපයකට ගෙන ආවා. 2012 වසරේ ජනවාරි 3 වන දින හි අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතා ඇතුළු පිරිස විසින් සිදු කර තිබෙනවා. මේ කුළුණට මුල් ගල තබා ඇත්තේ 2012 වසරේ ජනවාරි 20 වනදා බැසිල් රාජපක්ෂ මහතා විසිනුයි.

නෙළුම් කුළුණ කොළඹ 10 ඩී. ආර් විජේවර්ධන මාවතේ බේරෙ වැවට මුහුණලා තමයි ඉදි කරලා තියෙන්නෙ. සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීමේ අරමුණින් තමයි මේ කුළුණ මූලිකවම ඉදි කරලා තියෙන්නෙ. මෙමගින් රූපවාහිනී සේවා 50කට වගේම ටෙලි සන්නිවේදන සේවා ආයතන 20 කට පහසුකම් සැපයීමට හැකියාව තිබෙන බව අපේක්ෂා කෙරෙනවා.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව තමයි මේ කුළුණ ඉදිවෙලා තියෙන්නෙ.

අද මේ නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහජන අයිතිය වෙනුවෙන් විවෘත වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *