LATEST NEWS
Search

රසවත්, ගුණවත් ඔම්ලට් එකක් ගෙදරදීම හදමු

419

කෑම කන්න බැරිව ඉන්න වෙලාවක ඔම්ලට් එකක් හදාගෙන කන්න පුරුදු වෙලා ඉන්න අයට මේ කියලා දෙන්න යන ඔම්ලට් එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔම්ලට් වලට කැමති හැමෝටමත් මේ වගේ ඔම්ලට් එකක් හදාගන්න එකෙන් රසය විතරක් නෙවෙයි ගුණයකුත් ලැබෙනවා.

අපි බලමු මේ ඔම්ලට් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා

බිත්තර තුනක්, චොප් කරගත්තු රතු(පොඩි) ලූණු ගෙඩි 6ක් හෝ 7ක් පමණ, අමු මිරිස් කරල් 2ක්, කොච්චි කරල් දෙකක් (අවශ්‍ය නම් පමණක්), ලුණු ස්වල්පයක්, කෑලි මිරිස් ස්වල්පයක්, ,ගම්මිරිස් ස්වල්පයක්, කුඩා තක්කාලි ගෙඩියක්, බටර් ස්වල්පයක්.

සාදා ගන්නා ආකාරය.

බිත්තර තුන කඩා භාජනයකට දමා ගන්න. (බිත්තර වෙන වෙනම කඩා භාජනය දමන්න. හදිසියේවත් නරක් වූ බිත්තරක් තිබූවහොත් එය අනික් ඒවාටද කලවම් වීමට හැකියි)

ඉන්පසුව මේ බිත්තර තුන හැන්දක් ගෙන හොඳින් ගසන්න. එයට චොප් කරගත් ලූණු, ලුණු, මිරිස්කෑලි, තක්කාලි, මිරිස් කරල් දෙක,කොච්චි කරල් දෙක, ගම්මිරිස් ස්වල්පය එකතු කර නැවතත් හොඳින් ගසන්න.

සියල්ල හොඳින් මිශ්‍ර වූ පසුව පෑන් එකක් ගෙන ලිපේ තබන්න. දැන් එයට බටර් ස්වර්ල්පයක් දමන්න . බටර් දමන්නේ තෙල් වෙනුවට ආදේශකයක් ලෙස බැවින් ඔබට අවශ්‍ය නම් මෙයට එළවලු තෙල්, පොල් තෙල් එකතු කර ගත හැක.

බටර් රත් වී එන විට සාදා ගත් මිශ්‍රය තාච්චියට දමා හොඳින් පුළුස්සා ගන්න. දෙපැත්තම සමාන ලෙස කර කර අවසාන වශයෙන් උඩින් කරපිංචා කැබලි කිහිපයක් අලංකාරය සඳහා එකතු කරගන්න.

එය රසවත් වගේම හරිම ගුණවත්.. යාලුවන්ටත් දැනගන්න අමතක නොකර ශෙයා කරන්න..!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *