LATEST NEWS
Search

ලේසියෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් ක්‍රම 5ක්

934

ගෙදර ඉඳලා ලේසියෙන්ම ඉංග්‍රීසි ඉගනගමු

ඉංග්‍රීසි කියන්නෙ අද කාලෙ නැතිවම බැරි විශ්වීය භාෂාවක්නෙ. අපිට ඉස්සරහට ලෝකෙ එක්ක හරි හරියට ගණුදෙනු කරන්න නම් ඉංග්‍රීසි ඉගෙනගන්න එක හරිම වැදගත්. ඒ වගේම තමයි ඉංග්‍රීසි වගේ භාෂාවක් දැනගෙන ඉන්න එකෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන සුළු පටු නෑ. ඔයාට මොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ අද කාලෙ හොඳ පඩියකට හොඳ ජොබ් එකක් හොයාගන්න නම් ඉංග්‍රීසි දැනගෙන තියෙන එක හරිම වැදගත්. වෙන මොනවත් නොදැන ඉංග්‍රීසි දන්න අයටත් අද වෙනකොට ජොබ් මාකට් එකේ උඩින්ම ජොබ්ස් තියෙනවා.

වැඩිය කතා නොකර අපි මාතෘකාවට බහිමු. දැන් කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ ගෙදර ඉදලා? ඔයාට ඊලඟට එන ප්‍රශ්නෙ ඒකයි. කෝස් වලට දහස් ගණන් වියදම් කරලත් ඔයාට තාම ඉංග්‍රීසි කතා කරගන්න බැරි වුණ දුකින් නම් ඉන්නෙ මේ ක්‍රම කිහිපය අත්හදා බලන්න. ඔයාට ඉක්මනටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙයි.

ඉංග්‍රීසි සිංදු අහන්න

ඔයා දැනටමත් ඉංග්‍රීසි සිංදු අහන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඉංග්‍රීසි ඉගෙනගන්න සිංදු අහන ක්‍රමය ටිකක් විතර වෙනස්. මුලින් ඔයා කරන්න ඕනි සිංදුව අහන එක. ඊළඟට සිංදුව අහන ගමන් සිංදුවේ ලිරික්ස් බලාගෙන සිංදුව අහන්න ඕනි. සිංදුවට අදාල නම ගූගල් කරාම ලේසියෙන්ම ඔයාට ඒකෙ ලිරික්ස් ටික හොයාගන්න පුළුවන්.තුන්වෙනි පියවර විදිහට ඔයා සිංදුව ලිරික්ස් එක්ක කියන්න ඕනි. හතර වෙනි පියවරේදි එහෙම කියවනකොට හම්බුණ අමාරු වචන පැත්තකින් ලියාගෙන ඒවගෙ තේරුම හොයන් පාඩම් කරන්න. පස් වෙනි වතාවෙ සිංදුව කියනකොට ඔයාටම වෙනසක් දැනෙයි සිංදුව පළවෙනි වතාවට ඇහුවට වඩා තේරුමකින් එතකොට ඔයා සිංදුව අහන්න පටන් ගනියි.

ෆිල්ම් බලන්න

ෆිල්ම් බලලා ඉංග්‍රීසි ඉක්මනටම ඉගෙනගන්න පුළුවන්. එකට බලන්න ඕනි හැබැයි ඉංග්‍රීසි ෆිල්ම්ස්. ඉංග්‍රීසි ෆිල්ම් එකක් ඉංග්‍රීසි සබ් ටයිට්ල් එක්ක බලන එකෙන් ඔයාට ඉංග්‍රීසි වැඩිදියුණු කරගන්න විතරක් නෙවෙයි ඇක්සන්ට් එකත් එක්ක හොඳට කතා කරන්නත් හැකියාව හොඳට පුහුණු කරන්න පුළුවන්. අමාරු වචන ෆෝන් එකේ ගූගල් ට්‍රන්ස්ලේට පාවිච්චි කර කර ඔයා අදහස් තේරුම් ගන්න උත්සහ කරන්න ඕනි. මේ ක්‍රමේ ටිකක් අමාරු වුණත් විනෝදෙන් කරගෙන යන්න පුළුවන්. කාලයක් යනකොටම ඔයාටම ඔයාගෙ ඉංග්‍රීසි දැනුමෙ වෙනසක් තේරෙයි.

ෆේස්බුක් එක පාවිච්චි කරන්න

මේක ටිකක් අමුතු ක්‍රමයක්. ෆේස්බුක් කියන්නෙ ඔයාට අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒත් ෆේස්බුක් එකේ තියෙන ඉංග්‍රීසි පෝස්ට්, ලිපි වගේ දේවල් මග නොහැර කියවන්න. ඒ වගේම ඒ පෝස්ට් වලට වැටිලා තියෙන ඉංග්‍රීසි කමෙන්ට් කියවන්න. හොඳම ඉංග්‍රීසි පොස්ට් තියෙන පේජ් කිහිපයක් සී ෆස්ට් දාගත්තම හැමදාම ඔයාට නිතර ඉංග්‍රීසි පෝස්ට් කියවන්න පුළුවන්.

නිවුස් අහන්න, කියවන්න

ඉංග්‍රීසි නිව්ස් ඒ කියන්නෙ බීබීසී, අලි ජසීරා වගේ නිවුස් බලන සහ කියවන එකත් ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගන්න හොඳ ක්‍රමයක්. අන්තර්ජාලය පාවිච්චි කරලා මේ වගේ දේවල් ඉක්මනින් බැලීමේ හැකියාව ඕනි කෙනෙක්ට තියෙනවා.

ඉංග්‍රීසියෙන් චැට් කරන්න

ඔයාට වගේම ඉංග්‍රීසි හදාගන්න වුවමනාවක් තියෙන කෙනෙක් එක්ක ඉංග්‍රීයෙන් නිතර චැට් කරන්න. ගෲප් එකක් හදාගෙන වුණත් මේ වැඩේ කරන්න පුළුවන්.

ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සහ කරන්න

අපේ අයට ඉංග්‍රීසි ඉගෙනගන්න අමාරු මූලිකම හේතුව තමයි ලැජ්ජාව. ඒත් අපි නිතරම හිතන්න ඕනි ඉංග්‍රීසි කියන්නෙ අපේ මව් භාෂාව නෙවෙයි කියන එක. සුද්දෙක් කැඩුණ සිංහලෙන් කතා කරනකොට අනේ වාව් කියලා අපේ කෙනෙක් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරනකොට හිනා වෙන්න හොඳ නෑ. තමන්ට වුවමනාවක් තියෙනවා නම් ඉංග්‍රීසි කතා කරන්න ඕනි ලැජ්ජ වෙන්නෙ නැතිව.

ඉංග්‍රීසි පොත් කියවන්න

මේක හරි විනෝදෙන් කරන්න පුළුවන් වැඩක්. ඉංග්‍රීසි පොතක් අරගෙන ඒක කියවන ගමන් බැරි වචන වල තේරුම හොයාගෙන පොත කියවන්න උත්සහ කරන එකෙන් ඉංග්‍රීසි වැඩිදියුණු කරගන්න පුළුවන්.

ඉංග්‍රීසි කියන්නෙ සිංහල වගේ අමාරු භාශාවක් නෙවෙයි. අපි මේ තරම් අමාරු භාෂාවක් හරිම ලේසියෙන් හසුරුවනවා නම් ඉංග්‍රීසි කියන්නෙ අපිට අභියෝගයක් නෙවෙයි. අවශ්‍ය වෙන්නෙ උත්සහය සහ උනන්දුව විතරමයි. උත්සහ කරන්න… ඔබට සුභ පැතුම්.

සටහන සිලෝන් මැගසින්

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *