නෙළුම් කුළුණෙන් උපන් කඳුළු කතාවක්

1184

නෙළුම් කුළුණ ඊයේ විවෘත වුණා. සමහරුන්ට නෙළුම් කුළුණ ණය ගෙවන මැශිමක් වගේ පේනකොට තවත් අය කතා කළේ නෙළුම් කුළුණට මුවා වෙලා ගසා කාපු සල්ලි ගැන. ඒ කොහොම වුණත් නෙළුම් කුළුණ විවෘත කරපු වෙලාවෙ දෑස් දල්වගෙන ඒ දිහා බලාගෙන ඉන්න මොහොත කවුරුත් මග හැරියෙ නෑ. හැබැහින් ටික දෙනෙක් ඒ අත්දැකීම විදිනකොට අනිත් අය ගෙදර ටීවී එකෙන්, හරි ෆේස්බුක් එකේ ෆොටෝ එකෙන් හරි ඒ අත්දැකීම තනියම වින්දා.

ඒත් නෙළුම් කුළුණ පිටිපස්සෙ සැගවිලා තිබුණ කඳුළු කතාවක් හදිස්සියේම එළියට ආවෙ කවුරුත් බලාපොරොත්තු නොවුණ විදිහටයි.

ඔහු මේ රටේ තරුණයෙක්..ගිය අවුරුද්දෙ ඈත පිටිසර ගමක් වෙච්ච මොනරාගල බකිනිකොටේ ගමේ ඉඳලා කොළඹට රස්සාවක් හොයාගෙන ආපු මේ තරුණයට අහම්බෙන් නෙළුම් කුළුණෙ අතුදව් කරුවෙක් විදිහට වැඩ කරන්න ලැබිලා තියෙනවා. පිරිමියෙක්ට තියෙන හයිය ඇති අහස වුණත් අල්ලන්න. සල්ලි කියන මූලික කාරණේ පදනම් වුණාම සල්ලි හොයන්න ඕනි නිසාම ඕනිම වැඩක් කරන්න පිරිමි දෙපාරක් නොහිතන්නෙ අන්න ඒ නිසා වෙන්න ඇති.

අද අපිට ලස්සනට පේන නෙළුම් කුළුණ අහස් උසට නග්ගවන්න ගොඩක් දෙනෙක් දාඩිය මහන්සිය වගුරවන්න ඇති. ඔහුත් ඒ වගේමයි. ඒත් හදිසියේම පොඩිම පොඩි අත්වැරදීමකින් ඔහු තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්නෙ කවුරුත් නොහිතපු නොපතපු මොහොතකයි.

ඔහු ගැන ලොකූ කතා බහක් කොහෙදිවත් මීට පෙර ඇති වුණේ නෑ. හැමෝම කතා කරේ මේ අති මහත් ආසියාවේ උසම කුළුණ ගැන විතරයි. ඒකෙ පත්තු වෙන පාට පාට ලයිට් ගැන විතරයි. ඔහු අද අප අතර නැහැ.නමුත් මේ ජාතික සිහිවටනය ඉදි කරන්න ගිහින් ජීවිතේ අහිමි වූ ඔහු සැබෑම වීරයෙක්.

ඔබට නිවන් සුව සොයුර.. නැවත කිසි දිනෙක මෙවන් අකල් මරණයක් ඔබට අත්නොවේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *