LATEST NEWS
Search

වසර 10ක් උත්සහ කර පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිපද වූ පුතෙක්

360

දරුවන්ගෙයි දෙමව්පියන්ගෙයි අතරෙ තියෙන බැඳීම තේරෙන්න නම් ඒ තත්ත්වයන් දෙකේම ජීවත් වෙන්නම ඕනි. දෙමව්පියො කියන්නෙ දරුවන්ට තමන්ටත් වඩා ආදරය කරන අමුතුම ජාතියේ දෙවිවරුන් පිරිසක්. මුළු ලෝකයක් තමන්ට එරෙහි වුණත් , තමන්ගෙ දරුවා වැරදි වුණත් ඕනම දෙමව්පියෙක් තමන්ගෙ දරුවා වෙනුවෙන් පෙනී සිටින්න අන්න ඒක නිසා වෙන්න ඇති. වත් දෙමව්පියො දරුවන්ට තරම්ම් පෙරළා දෙමව්පියන්ට ආදරේ කරන දරුවො මේ ලෝකෙ ඉන්න අති සීමිත පිරිසයි. ඒ කැපකිරීම දැනෙන්නෙ හරිම සීමිත පිරිසකටයි.

මේක කතාවක්..තමන්ගෙ තාත්තා වෙනුවෙන් අසීමාන්තික ආදරේ එක තැනකට ලගු කරපු කතාවක්.

මීට වසර දහයකට පෙර තමන්ගෙ පියාගේ අත වෙන් වුණ මේ තරුණයා ක්‍රිතිම අතක් තමන්ගෙ පියා වෙනුවෙන් නිශ්පාදනය කරනවා. ඔහු ඉන්නෙ මුලතිව් මල්ලාව් ප්‍රදේශයේයි.

ඔහු නමින් එස්. දුෂ්‍යන්ත. විශ්ව විද්‍යාල සිසුවෙක් වන මොහුගෙ පියාගෙ අත මීට වසර දහයකට පේර අහිමි වෙන්නෙ අත් ටැක්ටරයකට අසුවීමෙනුයි.

කනපතිපිල්ලේ පද්මනාදන් නම් මේ පියාගේ අත ශල්‍ය කර්මයකින් අනතුරුව රෝහලේදී කපා ඉවත් කර තිබෙනවා.

වත්කම් වලින් පොහොසත් නොවුණ මේ පවුලේ අයට පද්මනාදන්ගේ අතට කෘතිම අතක් සවි කිරීමට තරම් මුදලක් තිබී නැහැ. ඒත් ඉන් අධෛරයට පත් නොවුන මේ වීර පුත්‍රයා පරීක්ෂණ වාර සිදු කරමින් අත් හදා බැලීම් සිදු කරමින් තමන්ගෙ පියාට කෘතිම අතක් නිෂ්පාදනය කරන්නේ වසර 10 කට පසුවයි.

මෙය ඔහුගේ පියාට පමණක් නෙවෙයි, මෙවන් කෘතිම අත් අවශ්‍ය අයටත් මහඟු සේවයක් වනවා නියතයි.

ඔබට ඉදිරි අනාගතය සඳහා අපගෙන් උණුසුම් සුභ පැතුම්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *