ගැහැණියෙක් වීම ආඩම්බරයක්

541

අද සමාජෙ තියෙන ලොකු කතාවක් තමයි ගෑණු කියන්නෙ පව් කාර ජාතියක් කියන එක. පිරිමි ආත්මයක් ලබන්න සෑහෙන්න පින් කරන්න ඕනි කියන කතාව පිරිමි විතරක් නෙවෙයි ගැහැණු අයත් කියනවා. ඒත් ඔයා කවදාවත් හිතුවද ගැහැණියෙක්ට කරන්න පුළුවන් දේවල් වල සීමාවෙ තරම ?

මේ ලෝකෙ ඉන්නවා විවිධාකාරයේ ගෑණු අය.. ගෑණු කියන්නෙ ගොඩක් ඉවසීම ප්‍රගුණ කරපු ජාතියක්. කෑම වලට ලුණු මදි වෙලා බැනුම් අහන අම්මලත්, ආදරේ පොඩි පොඩි වැරදි අතපසු නිසා බැනුම් අහන පෙම්වතියනුත්, චූටි චූටි රණ්ඩු නිසා වේදනා විදින සහෝදරියනුත් ඉවසීම ඕනාවට වඩා ප්‍රගුණ කරපු ගැහැණුයි. සම්බන්ධතාවයක් කැඩිලා යන්න දාහක් හේතු තියෙනකොටත්, ඒ සම්බන්ධතාවය බිඳිලා යන්න දෙන්නෙ නැතිව ආරක්ෂා කරන්න උත්සහ කරන්නෙ වැඩිපුරම ගැහැණු අයයි.

මේ ලෝකෙ තියෙන දරුණුම වේදනාව විදින්නෙ අම්මලා. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට විදගන්න අමාරු ගණයෙ ලෝකෙ තියෙන එකම වේදනාව විදින්නෙ අම්මලා. එහෙම වේදනා විදලා තමන්ගෙ ලේ ධාතුවෙන් මේ ලෝකෙට උපද්දවන අම්මලා තමන්ට වඩා ඒ දරුවට ආදරේ කරන්නෙ මේ ලෝකෙ කිසිම කෙනෙක් නොකරන තරමෙ කැප කිරීමක් කරන ගමන්.

මාසිකව හැදෙන ඔසප් වේදනාව විදගෙන ඉන්නෙ කවදාහරි තමන්ගෙ ලෙයින් දරුවෙක් බිහි කරන්න තියෙන ආසාව නිසයි. ඒ තරමට කවදා ඉෂ්ඨ වෙයිද කියලාවත් දන්නෙ නැති හැගීමක් වෙනුවෙන් වයස අවුරුදු 15 වගේ ඉඳලා සූදානම් වෙන්නෙත් ගැහැණියෙක්ම විතරයි.

ඔයා කවදාවත් අහලා තියෙනවද ලීක් වෙච්ච කොල්ලෙක්ගෙ ෆොටෝස් හරි වීඩියෝස් හරි ගැන. ඒත් දවසකට ගැහැණියකගෙ ෆොටෝස් වීඩියෝස් ඕනි තරම හුවමාරු වෙනවා. එතන තනිකරම වරද හෝ නොදැනුවත්භාවය පැටවෙන්නෙ ගැහැණියට. පිරිමි එතන සාදාරණ වෙනවා. ඒත් හැමදේම දරාගෙන ඉන්නෙ ගැහැණියෙක්ම විතරයි. පලි ගන්න නොයා අහස වගේ දරාගෙන ඉන්න ගටක් තියෙන්නෙත් ගෑණුන්ට.

මේ ලෝකෙ ඉන්නවා තමන්ගෙ ජීවිතේ පවුලටම දිය කරන ගැහැණු. තමන්ගෙ ආසාවන්, කැමැත්ත පස්සට දාලා ඒ හැමදේම පවුලට දිය කරන ගෑණු අදටත් හැමතැනම හුස්ම ගන්නවා. කැමති තැනක යන්න, කැමති ඇඳුමක් අදින්න, කැමති කෑමක් කන්න, නිදහසේ ටිකක් ඉන්න තියෙන හැම ආසාවම අභිබලා පවුලෙ ආසාව එක කරගත්ත ගැහැණු ජීවත් වෙන ලෝකයක් මේක.

එලේනර් රූස්වෙට් කියනවා ගැහැණියක් කියන්නෙ හරියට තේ බෑග් ඒකක් වගේ කියලා. ටී බෑග් එකක තියෙන පවර් එක අපි දන්නෙ නෑ ඒක උණු වතුරට දාලා දිය කරනකන්. ගෑණුත් එහෙමයි පිටින් පේන කෙනා නෙවෙයි ඇතුළෙන් ඊට වඩා ශක්තිමත් කෙනෙක් ඉන්නවා.

මේ ලෝකෙ කිසිම කෙනෙක්ට තමන්ගෙ අම්මා, සහෝදරිය, ආච්චි අම්මා, පෙම්වතිය නැති ලෝකයක් ගැන හිතන්න බෑ. ඒ හැම තැනම පේන්නෙ ගැහැණිය විතරමයි.

ඔයත් ගැහැණියෙක් නම් අද ඉදලා, මේ දැන් ඉදලා ආඩම්බර වෙන්න ගැහැනියෙක් වීම ගැන..මොකද ගැහැනු කියන්නෙ හිතනවට වඩා හරි ශක්තිමත් ජාතියක්.

සටහන සිලෝන් මැගසින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *