වෛරසයක් ගැන අනතුරු ඇඟවිමක්

473

පැය 36ක් තුල මරණයට පත් කළ හැකි වෛරසයක් ගැන අනතුරු ඇඟවිමක්

භයානක වෛරසයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එනම් ලොව මිලියන 80ක ජනතාවක් පැය 36ක් ඇතුලත මරණයට පත් කළ හැකි උණ වසංගතයක් නැවත පැතිරිමේ අවධානමක් තිබෙන බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් විසින් මෙලෙස අනතුරු අඟවා තිබෙනවා.

“ස්පැනිෂ් ෆ්ලු” ලෙස මෙය වෛරසය හැදින්වෙනවා. මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වී තිබෙන අතර මේ හේතුවෙන් මිලියන 50ක් මරණයට පත්වුණා.

වර්ථමානය වන විට මේ වෛරසය නැවත පැතිරිමේ අවධානමක් ඇතිවුවහොත් එහි ප්‍රථිපලය ඉතා භයානක වන බවයි වෛද්‍ය විශේෂඥයින් විශේෂ අනතුරු අඟවීමක් සිදු කරමින් ප්‍රකාශ කර සිටින්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටි ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් වන ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය මගින් ලෝක නායකයින්ව දැනුවත් කිරිම සදහා වන විශේෂ වාර්තාවක් ලබා දෙන අතරතුර මේ බව සදහන් කර තිබෙනවා.

මෙම “ස්පැනිෂ් ෆ්ලු” ඉතා වේගයෙන් පැතිරිමේ අවධානමක් තිබෙන මෙම වෛරසය මගින් ලොවපුරා මිලියන ගණනක් මිනිසුන් මරණයට පත් කිරිමට, ආර්ථිකයන් කඩාකප්පල් වීමට හා ජාතික ආරක්ෂාවන් කුඩා කාල සිමාවකින් අස්ථාවර කළ හැකි බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතින ඉබෝලා වසංගතය වැනි රෝග පාලනය සදහා ගෙන තිබෙන ක්‍රියා මාර්ග මේවැනි වසංගතයක් නතර කිරිමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද මෙම වාර්තාවෙන් වැඩිදුරටත් අවධාරණය කරතිබෙනවා.

මෙම විශේෂඥයින් සදහන් කරන්නේ මීට පෙර මෙම වසංගතය සම්බන්ධයෙන් මිට පෙර සිදුකල අනතුරු ඇගවිම් සම්බන්ධයෙන් ලෝක නායකයින් ගණනකට නොගත් බවයි.

හිටපු නෝර්වීජියානු අගමැති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Bro Harlem Brundtland හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සංගම්වල මහලේකම් Alhadj As Sy  ඇතුළු විශේෂඥයින් පිරිසක් අදාල වාර්තාව සකස් කොට තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *