අද (19) පාර්ලිමේන්තුවේදී පරිපාලන සේවයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සහ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවා. පරිපාලන සේවයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පසුගියදා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ඇතුළු පරිපාලන සේවයේ නිලධාරීන් රැසක් මෙම වැඩ වර්ජනය ආරම්භ කර දැනට දින 10ක් පමණ වනවා.
මෙහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පල කෙරුණ අතර වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්රීදයාසිරි ජයසේකර ඒ පිළිබද ප්‍රශ්න කරන අවස්ථාවේදී මෙවන් අදහස් ඉදිරිපත් වූ බව වාර්තා වෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්රීදයාසිරි ජයසේකර අතිගරු ජනාධිපතිතුමනි මම අහනවා. ආ… සමාවෙන්න…සමාවෙන්න.. යනුවෙන් ප්‍රකාශ සිදු කර තිබෙනවා.
ඊට පිළිතුරු ලෙස කතා නායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව විහිලු කරන තැනක් නෙමෙයි..ඔබතුමා සිහියෙන් අහන්න ප්රශ්නය. පාර්ලිමේන්තුව කියලා කියන්නෙ හරිම වැදගත් තැනක්. නිකං අනවශ්‍ය දේවල් මේකෙ කතා කරන්න එපා මන්ත්‍රිතුමා යනුවෙන් පිළිතුරු ලබා දී තිබෙනවා.