LATEST NEWS
Search

ෆෝන් එකෙන් ෆොටෝ එඩිට් කරන්න හොඳම ඇප් 5 ක්

572

අද කාලෙ පරිඝණකයකින් කරන්න පුළුවන් හැමදේම ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. ඒ වෙනුවට මිලියන ගණන් ෆෝන් ඇප්ලිකේශන් දවසින් දවස රිලීස් වෙනවා. ෆෝටෝ ගන්න, එඩිට් කරන්න, වීඩියෝ කරන්න, වීඩියෝ හදන්න විතරක් නෙවෙයි ෆිල්ම් බලන්න පවා ද වෙනකොට ඇප්ස් ෆෝන් එකකට එනවා. ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙවෙයි, අයි ෆෝන් වලටත් ඕනි තරම් ඇප් තියෙනවා.

ඉන්ට්‍රග්‍රෑම්, ෆේස්බුක් පාවිච්චි කරන කෙනෙක්ට තමන්ගෙ ලස්සන ෆොටෝ එකක් දාන්න ඕනි වුණාම ඒක හදාගන්න හොඳ ඇප් එකක් හොයාගන්න වෙනවා. මේ කියන්න යන්නෙ ෆොටෝස් ලස්සනට එඩිට් කරන්න පුළුවන් ඇප් පහක් ගැනයි.

පික්ස් ආර්ට්

පික්ස් ආර්ට් කියලා කියන්නෙ ෆොටෝශොප් තරම්ම වැඩි දියුණු කරපු ඇප් එක. මේ ඇප් එකෙන් කරන්න පුළුවන් කාර්යන් ගොඩක් තියෙනවා. ඒ වගේම ෆොටෝ එකක් තමන් කැමතිම විදිහට එඩිට් කරගන්න කෙනෙක්ට පික්ස් ආර්ට් කියන්නෙ හොඳ ඇප් එකක්.

ස්නැප්සීඩ්

මේක ගූගල් එකෙන් නිකුත් කරපු ඇප්ලිකේශන් එකක්. ඇඩ්වාන්ස් මට්ටමෙන් ෆොටෝ එකක් එඩිට් කරගන්න කෙනෙක්ට මේ ඇප් එක ගොඩක් හොඳයි. ඒ වගේම මේ ඇප් එකෙන් අපිට කැමති විදිහෙ ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන්. කලර් බැලන්ස් කරන්න පුළුවන්. ෆොටෝ එකකට නවතම පෙනුමක් මේ ඇප් එක හරහා ගන්න පුළුවන්.

ෆොටෝ එඩිට් ප්‍රෝ

මේ ඇප් එකත් ෆොටෝ එඩිට් කරන්න හොඳ ඇප් එකක්. මේක පේ ස්ටෝ වල හයි රෑන්ක් පෙන්වන ඇප් එකක්.

ෆොටෝ ග්‍රිඩ්

ග්‍රිඩ් වගේ ෆොටෝ ඉන්ට්‍රග්‍රෑම් එකට දාන්න ෆොටෝ ග්‍රිඩ් කියන්නෙ හොද ඇප් එකක්. ව වගේම ෆොටෝ එකක් කොලිටි එකට එඩිට් කරගන්න මේ ඇප් එකෙන් පුළුවන්.

ස්නැප්චැට්

ස්නැප්චැට් කියන්නෙ ෆොටෝ එඩිට් ඇප් එකක් නොවුණත් අපිට ඕන විදිහට එක එක ඉෆෙක්ට් එක්ක ෆනී ෆොටෝ එකක් ගන්න වගේම එඩිට් කරන්නත් ස්නැප්චැට් කියන්නෙ හොඳ ඇප් එකක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *