හිටපු ගුවන් හමුදාපතිතුමා වන රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස්” හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් “අද්මිරාල් ඔෆ්ද ෆ්ලිට්” යන ගෞරව නාමයන්ගේ පිදුම් ලැබීමේ නිල උත්සවය අද පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේදී මේ සඳහා අදාල උත්සවය පැවැත්වීමට නියමිතයි.
වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති අපේ රටේ අසීරුම අවධියනිම කරමින් මානුෂිය මෙහෙයුමට දායක වූ හමුදාපතිවරුන් වෙනුවෙන් රජයේ ඉහලම ගෞරවය පිරිනැමීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ප්‍රධානය කෙරුණේද මෙලෙසයි.