ආබාධිත රණවිරුවන්ට මෙහෙම වෙන්න ඕනිද ?

327

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අද දින (19) මුදල් අමාත්‍යවරයා වෙත භාරදෙන බව ප්‍රකාශ කර සිටිනවා.

ඔවුන්ගේ ඉල්ලීම් ඉටුවන තුරු කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිය සංවිධානය ආරම්භ කර තිබෙන සත්‍යග‍්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එහි සභාපති යූ. ඩී. වසන්ත වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සත්‍යග්‍රහය ආරම්භ වෙන විට අදාළ ගෙවීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරවුල් කර ක්‍රියා පටිපාටිය සිදු කරලා වාර්තා සකස් කරමිනුයි තිබුණේ. අදාල වාර්තා පසුගිය 16 වනදා ආරක්ෂක ලේකම්තුමා විසින් ජනාධිපති ලේකම් හරහා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා මෙම වාර්තා අත්සන් තබා මේ වන විට කැබිනට් මණ්ඩලය කරා යොමු කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය මෙය සඳහා සතියක කාලයක් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඊළඟ කැබිනට් රැස්වීමේදී මේ සම්බඳව කටයුතු සිදුවෙනවා. මේ කටයුතු අවසන් අදියරේ තියෙන හේතුවෙන් මේ අයට සාධාරණ කාලයක් දී මෙම සත්‍යග්‍රහය සාමකාමීව අවසන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් පල කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *