නොවැම්බර් මස 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව පසුගියදා නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව ශ්රී අද (20) දහවල් 12.00ට ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මැතිවරණ කොමිසමේ දී සිදු කරනු ලැබුවා. පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය සිදු කරනු ලැබුවා.
මේ වන විට අපේක්ෂකයින් 03 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඇප මුදල් තැන්පත් කරනු ලැබ තිබෙන බව වාර්තා වෙනවා.
එසේම ජාතික ජන බලවේගය ඔස්සේ අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයට සහභාගී වීම විශේෂත්වයක්.
මෙලෙස ඇප තැන්පත් කළ අය අතර ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ සහ ස්වාධීන පක්ෂ අපේක්ෂක සිරිපාල අමරසිංහ ශ්රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා, යන අය විසින් යි.