එක දවසින් කොළඹ අවට ඇවිදින්න යන්න පුළුවන් තැන්

1443

ට්‍රිප් එකක් යන්න, ටිකක් නිදහසේ ඉන්න කොහෙ හරි යන්න ඕනි කෙනෙක් කැමතියි. ඒත් මුදල් සහ කාලය කියන ප්‍රශ්න හින්දා ගොඩක් අය මේ දේවල් හිතා මතාම මග අරිනවා. ඒත් එක දවසින් කොළඹ අවට බලන්න යන්න පුළුවන් තැන් කිහිපයක් ගැන කියන්න තමයි මේ යන්නෙ. ලොකු වියදමක් යන්නෙ නෑ වගේම එක දවසින් මේ තැන් නරඹලා එන්න ඔයාලට පුළුවන්.

ගෝල්ෆේස්

නිදහසේ කතා කරන්න වගේම ඇවිදින්නත් හොඳම තැනක් තමයි ගෝල්ෆේස් කියලා කියන්නෙ. ගෝල්ෆේස් යන්න හොඳම වෙලාවන් තමයි උදේ සහ හවස ඉර බැහැගෙන යන වෙලාව.

ගන්ගාරාමය

කොල්ලුපිටියෙන් බැහැලා 101 බස් එකෙන් ගන්ගාරාමය ලඟින්ම බැහැගන්න පුළුවන්. මේ අවට හරි ලස්සන තැන් කිහිපයක්ම තියෙනවා. පන්සලක්, වැවක්, වැව මැද්දෙ තියෙන පාර්ක් එකක් මේ අවට තියෙන නිසා නිදහසේ ටිකක් ඉන්න මේක කියාපු තැනක්.

වෝටර්ස් එඩ්ජ්

වෝටර්ස් එඩ්ජ් එහෙම නැත්නම් දියත උයන තියෙන්නෙ ඇතුළ් කෝට්ටෙ. කොටුවෙ ඉදලා 171 බස් එකේ ගියොත් ඔයාට දියත ලඟින්ම බහින්න පුළුවන්. ලස්සන පරිසරයක්, ගඟක් ලග පේන ලස්සන හරිත පරිසරයක් එක්ක ඔයාට නිදහසේ ඉන්න පුළුවන්.

දෙහිවල සත්ව උද්‍යානය

දෙහිවල තියෙන දෙහිවල සත්ව උද්‍යානය නරඹන්න යන්න පුළුවන්. විශාල වපසරියක තියෙන මේ භූමියේ සතුන් බලන්න ඇවිදින්න වගේම ඉක්මනින් ගිහින් එන්නත් පුළුවන්.

විහාරමහා දේවී උද්‍යානය

නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට විහාරමහා දේවී උද්‍යානය ඔබට නිදහසේ ඇවිද යන්න ඉතාම හොඳ තැනක්.

සීතාවක බොටැනිකල් ගාර්ඩන්

සීතාවක බොටැනිකල් ගාර්ඩන් කියන්නෙ ලස්සන පාර්ක් එකක්. අවිස්සාවේල්ල පැත්තට වෙන්න තමයි සීතාවක පිහිටලා තියෙන්නෙ. ගූගල් මැප් පාවිච්චි කරලා ඔයාට මේ තැන් ගැන ඉක්මනටම දැනගන්න පුළුවන්.

නිකන් ඉන්න වෙලාවට ටිකක් නිදහසේ ඉන්න මේ තැන් වලට යන්න අමතක කරන්න එපා.. ඒ වගේම ඒ තැන් පිරිසිදුව තියන්නත් අපවිත්‍ර නොකරන්නත් හැම වෙලේම වගබලා ගන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *