LATEST NEWS
Search

ගුරුකන්ද නා හිමිගේ දේහය විහාර භූමියේම ආදාහනය කරයි

323

අද (24) දහවල් 11.00 ට මුලතිව් නගරයේදී අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකළ ආකාරයට විරෝධය සිදු කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරු හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මඟින් විරෝධතා පෙළපාලියක් සංවිධානය කොට ඇත මේ පෙළපාලිය මුලතිව් පැරණි රෝහල (උන්නාව්පිලව් රෝහල) අසලින්න් ආරම්භ වී මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට අදාල ස්ථානයේදී විරෝධතාවයක් සිදු කරන බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට නියෝග කර තිබුණා. නමුත් එම නියෝගය නොසලකමින් විහාරස්ථාන භූමියේම ආදාහනය කිරීමට ඊයේ කටයුතු සිදු කරනු ලැබුවා. අධිකරණ ලබා දුන් තීන්දුව අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම පිළිබඳව තමන් එකඟ වන්නේ නැති බව සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *