ආදරේ නිසා දුක් විදින අයටයි මේ කතාව

591

ආදරේ කියන්නෙ දුකත් සතුටත් අතර මැද ලස්සනට කැතට හිනාවෙන ඔරවන හරි අමුතු හැගීමක්. ආදරේ නිසා කට්ටියක් හිනාවෙනකොට ඒ ආදරේ නිසාම තව පිරිසක් අසීමාන්තිකව දුක් විදිනවා. මේ කතාව ආදරේ නිසා විදින අයට නෙවෙයි.. ආදරේ නිසා අසීමිතව විදවන අයටයි.

ඉස්සර දම්මිලා සුගත්ලා ලියුම් හුවමාරු කරගෙන ආදරේ වින්දට දැන් දැන් ආදරේ කියන්නෙ ඒ තරම් හිතන්නෙ නැතිව මැසේජ් එකකට සීන් වෙන මොහොතකට කොටු වුණ දෙයක්. ඒකෙ කාගෙවත් වරදක් නැහැ. තාක්ෂණය දියුණු වෙනකොට අපි කැමැති වුණත් අකමැති වුණත් ඒ පස්සෙන් දුවන්නම ඕනි.

ඔයා ආදරේ නිසා විදවන කෙනෙක්ද ?

ඔයාගෙ උත්තරේ ඔව් නම් ඔයා තාමත් තමන්ට ආදරේ නොකරන කෙනෙක්..මොකක්..? ඔව් ඒක ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත.

ඔයා කාලයක් ආදරේ කරන්න ඇති..ඒ වෙනුවෙන් සෑහෙන්න කැපකිරීමුත් කරන්න ඇති..ඔයාගෙ දේවල් අතෑරලා එයාගෙ දේවල් වෙනුවෙන් කැප වෙන්න ඇති. කොටින්ම ඔයා ඔයාට වඩා එයාට ආදරේ කරන්න ඇති. ඒත් එයා ඔයාව දාලා යන්නම යන්න ඇති..ඒ නිසා ඔයා හැමදාම කඳුළු බිබී මැරි මැරි ජීවත් වෙනවා ඇති.

මේ ලෝකෙ ඉන්න මිනිස්සු අකමැත්තෙන් හරි පිළිගන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකෙ තමන් එක්ක වැඩිපුරම කාලයක් ජීවත් වෙන්නෙ තමන් කියන එක.

තමන්ගෙ ලෝකෙ තමන්ට වඩා කෙනෙක් ඉන්න විදිහක නෑ. තමන්ව තමන්ට වඩා කෙනෙක් දන්න විදිහක් නෑ. අන්න ඒ නිසා තමන්ව අමතක කරලා වෙන කෙනෙක්ට ඊට වඩා කවදාවත් ආදරේ කරන්න ගියහම වෙන්නෙ තමන්ට තමන්ව නැති වෙන එක.

එයා ඔයාව දාලා ගියේ ඔයාගෙ නැති අඩුපාඩුවක් කියලා වෙන්න ඇති. ඔයා ඒ නිසා ඒක ඇත්ත කියලා පිළි අරගෙන තමන්ටම රිද්දගන්නවා නම් ඔයා ආදරේ ගැන මුකුත් දන්නෙ නෑ. ඔයාට ඔයාව විශ්වාස නෑ. ඔයාව මොහොතකට හරි හෑල්ලු කරපු කෙනෙක්ගෙ වචන විශ්වාස කරලා ඔයා ඇටි විදවන්නෙ?

ඔයාට කවුරුත්ම ආදරේ නෑ කියලා හිතෙනවා නම් පොඩ්ඩකට ගෙදර අය දිහා බලන්න. ඒ අය ලඟට ගිහින් අඬන්න..ඔයාට කවදාවත් නොදැනුන ශක්තියක් ඒ අය ඔයාට දෙනවා. ඒ අයගෙ ආදරේ ඔයාට වෙනදටත් වඩා හොඳට දැනෙයි.

ජීවිතේ කියන්නෙ කෝච්චියක් වගේ..ඒ කොච්චිය ගමනාරම්භයෙන් පටන් ගත්තම ගමනාන්තය වෙනකන් යන්නම ඕනි. ස්ටේශන් ස්ටේශන් එකට නවති නැවති හරි යන්නම ඕනි..කඳු අදින්න ඕනි..බින්ගෙවල් ඇතුලෙන් යන්න ඕනි. ඒ කොච්චියට නගින බහින මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ඒ නැගලා බහින එක්කෙනෙක් නිසා කොච්චිය කවදාවත් පීලි පන්නගෙන අඬාගෙන බලාගෙන ඉන්නෙ නෑ. යනවා.සමහර විට කොච්චිය ඉස්සරහට පනින මිනිස්සුත් ඉන්නවා.ඒත් කොච්චිය නවතිනවද ? නෑ..ඔයත් එහෙමයි.ජීවිතේට ඇවිත් යන එන මිනිස්සු දිහා බලාගෙන විතරක් ඉන්න. යන අයට යන්න දෙන්න.ඉන්න අයට ඉන්න දෙන්න. යනවා නම් ගිය දෙන්.. ඔයාට කවුරු නැතත් ඔයා ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

වෙන කෙනෙක් වෙනුවෙන් ආදරේ කරලා ජීවිතේ දිය කරන වෙලාවෙ තමන්ට ආදරේ කරන්න. තමන්ව අඩිය අඩිය උඩට ගන්න කැප වෙන්න. ඉගෙන ගන්න.පොත් කියවන්න.හැමෝටම උදව් කරන්න..සතුට ඔයාව ඉබේම හොයාගෙන එයි. ජීවිතේට ආදරේ කියන්නෙ වුවමනාවක් විතරයි.ඒක අවශ්‍යතාවයක් නෙවෙයි.

සටහන සිලෝන් මැගසින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *