මේ දිනවල රටේ පවතින්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උණුසුම් කතා බහක්. එසේම 2020 වසරේ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්නෙන් සැම තුළම පවතින්නේ කුතුහලයක්.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂක ජෙනරාල් සමන් ශ්රි රත්නායක මහතා ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා දින නියම කර තියෙන බව ප්රකාශ කර සිටියා.
තැපැල් ඡන්දය ප්රකාශ කිරීම සඳහා ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින දින ලබා දී තිබෙන බවයි ඔහු ප්රකාශ කර සිටින්නේ. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙනුවෙන් නොවැම්බර් මස පළමු වැනිදා තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා දින නියම කොට තිබෙන බව වාර්තා වුණා.
මේ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවවෙනවා. එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා සිදුකිරීමට නියමිතව පවතිනවා.