LATEST NEWS
Search

සජිත්ට අපේක්ෂකත්වය ලැබීමට නම් කොන්දේසි 10ක්

381

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන තෙක් ඉදිරිපත් කර නැහැ. ඔහු කවුරුන්වේද යන්න පිළිබඳව ජනතාව තුළ පවතින්නේ කුතුහලයක්. ජනාධිපත් අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමේදී කොන්දේසි කිහිපයක් පැනවීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වෙනවා.

මෙම කොන්දේසි ලෙස විධායක විධායක ජනාධිපති ධූරය අනිවාර්යයෙන්ම මාස 06 ක් තුළ අහෝසි කිරීම සහ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ වන තමාව නම් කළ යුතු බව දැක්වෙනවා. එසේම තවදුරටත් පක්ෂ නායක ධූරයේ රනි වික‍්‍රමසිංහව තැබිය යුතු බවත් සියලුම බලතල ඔහු සතු විය යුතු බවත් දැක්වෙනවා.

තවත් යෝජනාවක් වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යපාරය මෙහෙයවිය යුතු බවයි.

මෙවැනි කොන්දේසි දහයක් පමණ පක්ෂ නායක රනිල් විසින් සජිත් ප්‍රේම්දාස වෙත ඉදිරිපත් කර තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.එම තීරණ සහ කොන්දේසි පිළිබඳව අවසන් තීරණය අද දින (25) තීරණයක් ගැනීමට නියමිතයි.

එසේම මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රකාශ කළේ ”පක්ෂයේ මතය විදිහට තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවස්ථා දෙන එක අපේක්ෂකයෙක් ගේන්න ඕනි කියන එකයි. එහෙම කෙනෙකුට විතරයි අපි අවස්ථාව දෙන්න හිතාගෙන ඉන්නෙ”

අදාල යෝජනාව හෙට (26) දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *