වැසි දවස් වල මේ ගැන අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න

435

මේ දවස් වල රටේ ගොඩක් ප්‍රදේශ වලට තද වැසි හෝ වැසි පවතිනවා. ඒ නිසා මේ දවස් වල රටේ තියෙන්නෙ ඉතාමත් ශීත වගේම වැසිබර කාලගුණයක්. එහෙම කියලා අපිට අපේ එදිනෙදා වැඩ අතරමඟ නවත්තන්න නම් හැකියාවක් නෑ. පාසල් යන්න, රැකියාවට යන්න වගේ එදිනෙදා වැඩ කටයුතු මේ වැස්සත් එක්ක අනිවාර්යෙන්ම කරගෙන යන්න ඕනි.

වැස්සෙ වැඩ කටයුතු කරගන්නකොට වෙනදට වඩා සැලකිලිමත් වෙන්න ඕනි දේවල් කිහිපයල් තියෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්න තමයි මේ සූදානම.

එළියට බහිනකොට කුඩයක් අරගෙන යන්න

වැස්සත් නැතත් මේ දවස් වල එළියට බැහැලා යන එන ඕනිම වෙලාවක කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා. මොකද වැස්ස හරිම අවිනිශ්චිත වෙලාවන් වලදි කඩාපාත් වෙන්න පුළුවන්. ඒ නිසා කෝකටත් සූදානම් ශරීරෙන් ඉන්න එක වටිනවා.

රේන්කොට් එකක් ගන්න

මේ දවස් වල රේන් කෝට් එකක් කියන්නෙත් ලොකු දෙයක්.විශේෂයෙන්ම බයිසිකලයකින් වැඩට යන අයට මේක ගොඩක් වටිනවා. තෙමෙන්නෙ නැතුව වැස්සෙන් බේරෙන්න රේන්කෝට් එකක් හොඳයි.

ඉටි බෑග් කිහිපයක් අරගෙන යන්න

තෙමෙන්න පුළුවන් ෆෝන් එක, පොත් පත් වගේ දේවල් වැස්සෙන් ආරක්ෂා කරගන්න ඉටි බෑග් කිහිපයක් බෑග් එකේ නිතරම දාගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි.

අනාරක්ෂිත ස්ථාන මඟහරින්න

අනාරක්ෂිත ස්ථාන කියන්නෙ නායයෑම් අවධානම් සහිත තැන්, වතුර සහිත තැන් වලින් ඈත් වෙලා ඉන්න. විශේෂයෙන්ම එවැනි මාර්ග වල ගාන් කරන අයෙක් නම් විකල්ප මාර්ග භාවිතා කරන්න නිතරම උත්සහ කරන්න.

කාළගුණ අනාවැකි පිළිබඳව දැනුවත් වෙන්න

රූපවාහිනියෙ, ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති වලට විකාශනය වන කාලගුණ අනාවැකි ගැන දැනුවත්ව සිටීම ඉතා ප්‍රයෝජනවත් වේවි.

තෙමුණොත් නාන්න

වැස්සෙ එහෙ මෙහෙ ගිහින් එන අතරමඟ ඔයාව තෙමුණොත් ගෙදර ආපු ගමන් නාගන්න. නැත්නම් ලෙඩ රෝග බෝවීමේ අවධානමක් තියෙන්න පුළුවන්. ඔලුව තෙමුණ විට නිතරම පිසදා ගන්නත් අමතක කරන්න එපා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *