LATEST NEWS
Search

මොකක්ද මේ අම්බුලුවාව

2897

මේ රට මොන තරම් නම් සුන්දරද කියලා මේ රටේ ඉන්න අයවත් තාම දන්නෙ නෑ. ඒත් මේ රටට ඇවිත් යන විදේශිකයො නම් අපේ රටේ සුන්දරත්වය ගැන අපිටත් වඩා හොඳින් විදිනවා.

නිකන් ඉන්න වෙලාවට, ටිකක් නිදහසක් ඕනි වුණහම ඇවිදලා එන්න පුළුවන් ලස්සන තැනක් තමයි අම්බුලුවාව කියලා කියන්නෙ. ස්කුරුප්පුවක හැඩය තියෙන චෛත්‍යක් අම්බුලුවාව කියන්නෙ කියලා ඔයා දැනටමත් අදුරගෙන තිබ්බත්, කවදද යන්නෙ කියලා පෙරුම් පුරමින් යන්න ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්.

අම්බුලුවාවෙ ගිය අය නම් අම්බුලුවාවෙ තියෙන සුන්දරත්වය ගැන හොඳටම දන්නවා. ගම්පොල නගරයේ ඉඳලා හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුළලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න හැකියාවක් තියෙනවා. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්වේඅ හුදකලාව පවතිනවා.

මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය හින්දාඅම්බුලුවාව අපූර්ව ස්ථානයක් බවට පත්වී තියෙන්නෙ නිතරගයෙන්. ගම්පොල නගරයේ ඉඳලා බලන කෙනෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්.

කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක්, මුද්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කදු මුදුනේ නිර්මාණය කරලා තියෙන අම්බුලුවාව හැමෝම හඳුන්වන්නෙ සර්වාගමික ස්ථානයක් හැටියටයි.

අවසානයේ බුදු පිළිමයක් වගේම එතැන ඉදලා තියෙන කුටි වල දේව ප්‍රතිමාත් දැකගන්න පුළුවන්.

අඩි 400ක් පමණ උස ගොවිජන සෑය සුවිශේෂීයි. අම්බුලුවාව කියපු ගමන් මතක් වෙන සෑය තමයි මේ ගොවිජන සෑය. ඒ සෑයෙ කුඩා ආකෘතියක් ඒ අසලම තියෙනවා. ඒක නැගලා බහින්න ඒ තරම් වෙලාවක් යන්නෙ නෑ.

හැබැයි අම්බුලුවාවෙ නියම වින්දනය ලබන්න නම් මේ සෑයට නගින්න ඕනි.

මේ සෑය වටේ පඩිපෙල් තියෙනවා.ඒ පඩිපෙල් සෑය මුදුනටම වෙනකන් තියෙනවා. උඩටම නග්ගම අවට මනස්කාන්ත පරිසරය ඔයාට නරඹන්න පුළුවන්. සුළග නිසා බොහෝම පරිස්සමින් තමයි මේක තරණය කරන්න ඕනි.

අහස පැහැදිලිව තියෙන දවසක නම් මහ සයුර පවා දැකගන්න පුළුවන්.පිදුරුතලාගල, අලගල්ල, හන්තාන, සප්ත කන්‍යා, සමනළ කන්ද, මොණරාගල, රාක්‍ෂාව, හුන්නස්ගිරිය, නමුණුකුල, නකල්ස් කඳුවැටි, බතලේගල,බහිරව කන්ද, පීකොක් හිල්, ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු වගේම නම් කරන්න බැරි තරම් කඳු ප්‍රමාණයක් මෙතනට දිස් වෙනවා.

1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ සිදු කරන ලද මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලොව හොඳම සංවර්ධනය සිදු කරන ලද කන්ද ලෙස තෝරා ගෙන තිබෙනවා. 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදාතමයි අම්බුලුවාව මහජනතාවට විවෘත කෙරුණෙ.

නිවාඩු පාඩුවේ යාළුවො එක්ක ගෙදර අයත් එක්ක ගිහින් එන්න.ඒ වගේම අවට පරිසරය විදින ගමන් ටොෆි කොලයකින්වත් පරිසරයට හානියක් සිදු නොකර එන්න හැමවෙලේම හිතට ගන්න. අපි පරිසරය රැකිය යුතු වන්නේ අපිව පරිසරය දැනටමත් රකින නිසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *