ඇස් වටා, මුඛය වටා අවපැහැය නැති කිරීමට සරල සත්කාර

547

දෑස අවපැහැ වීම වගේම කට වටා සම අවපැහැ වීමත් අද බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්. ඒ වුණත් මේ වගේ ගැටළු බොහෝමයක් ම ඇති වන්නේ අපේ වැරදි හැසිරීම් රටාවන්ගෙන්.

දෑස් නිතර වෙහෙසීමෙන් ඇස් වටා අවපැහැ වීම ක්‍රමයෙන් ඉස්මතු වෙනවා. ඇස්වටා ඇති සියුම් සංවේදී සෛල අධික නිදි වැදීම, පාඩම් කිරීම හා පරිගණක තිරය දෙස බලා සිටීම වැනි ක්‍රියාකාරකම්වලින් වෙහෙසට පත්වෙනවා. මේ නිසා දෑසට සිසිලක් විවේකයක් ලබා දෙන ක්‍රමවේද ගැන ඔබ දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙනවා.

තම්බා පෙරාගත් දේ පොට්ටනි දෙකක් ගෙන ඒ ශීතකරණයේ තබා සිසිල් කර ගන්න. රාත්‍රි නින්දට යාමට පෙර මේ තේ බොන්න දෑස් මත ටික වේලාවක් තබන්න.

ස්වාභාවික සිසිල් කාරක යන කෝමාරිකා යුෂද දෑස් මත ගැලවිය හැකියි.

කෝමාරිකා ජෙල් කොටස දෑස් පියන් මත හා ඒ වටා ගල්වා විනාඩි විස්සක් පමණ සිටින්න. ඉන්පසුව එය සෝදා හරින්න. තෙතමනයක් වාසි ගෙනදෙන මේ සත්කාරය මානසික සුවයටත් කදිමයි. රුධිර ගමනාගමනය ක්‍රමවත් කරමින් පැහැපත් කර ගන්නට ඔබටත් මෙය අත්හදා බලන්නට පුළුවන්. එය විනාඩි දහයෙන් දහයට මාරු කරමින් මත තබා විනාඩි විස්සක් පමණ පසුව රෝස වතුරෙන් සෝදා හැරීමට හැකියි. මේ සත්කාරය සිදු කරන අතර ඇස යට ක්‍රීම් (under-eye) ස්වල්පයක් ඇගිල්ලට ගෙනා ආලේප කරන්න. මෙය රාත්‍රි නින්දට යාමට පෙර ගල්වන්න.

කට වටා  අවපැහැ වීම්

රළු ලේන්සු වලින් නිතරම කට වටා හා නාසය පහල පිස දැමීම නිසා සමේ රළු බවක් අවපැහැ වීමක් දැකිය හැකියි. ප්‍රමිතියෙන් තොර ආලේපන ගැල්වීම සෙම් රෝග මෙම අවපැහැ වීම් වලට බලපානවා. මේ නිසා ආහාර ගත් පසු, දහඩිය දමන්න විටත් ටිෂුවකින් හෝ මෘදු ලේන්සුවකින් පමණක් මුහුණ තෙත මාත්තු කරන්න.

සත්කාර

රත් හදුන් කොටගෙන රෝස වතුරෙන් එය ගලගා ගන්න. දැන් එය කෝමාරිකා ස්වල්පයක් ද මිශ්‍ර කරගෙන පිරිසිදු කරගත් මුහුණේ ගල්වන්න නින්දට යන්න පසුදින සෝදා හරින්න.

අල ගෙඩියක යුෂ ගෙන එයට කොකුම් පොතු ස්වල්පයක් සමග රෝස වතුර දමා මිශ්‍ර කර ගන්න එය කවාකාරව ගල්වමින් ස්ක්‍රබ් කරගන්න. ඉන් පසුව සෝදා ඉවත් කර ගනිමින් සමයේ ආරක්ෂාවට ඇලෝවේරා ජෙල් එකක් ගල්වන්න.

වියළි සමට

මී කිරි , සුදු හදුන් සමග මිශ්‍රකර වියලි සම මත ගල්වන්න. අධික වියළි සමට මෙය හොඳ සත්කාරයක් .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *