ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකවරයා වන ගෝථාභය රාජපක්ෂ මහතා තරග කිරීමට බැරි වූවහොත් ඊට විකල්පයක් වශයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාව යොමු කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග වාර්තා කරනවාඅ.
අද පස්වරුවේදී හදිසි පක්ෂ නායක සාකච්ඡාවක්ද කැදවා තිබෙන බව විපක්ෂ ආරංචි මාර්ග වාර්තා කරනවාඅ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ දින වල උණුසුම් කතා බහක් නිර්මාණය වී තිබෙන අතර අභියාචනාධිකරණය විසින් ගොනු කොට තිබෙන්නා වූ නඩුව විභගයට ගැනීමට නියමිතයි. එම හේතුවෙන් මෙම අර්බුධය නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී අදාල ලියකියවිලි සම්බන්ධයෙන් 3 වෙනිදා අතුරු තහනම් නියෝගය ලබාගතහොත් ගෝඨාභය මහතාට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බාධා එල්ල වී තිබෙන බව තවදුරටත් වාර්තා වෙනවා.