එක දවසින් යන්න පුළුවන් සීතාවක උද්‍යානය

737

ගොඩක් අය ඇවිදින්න ආස වුණත් කාලය එක්ක තියෙන යම් යම් ප්‍රශ්න නිසා ඇවිදින එක එහෙම නැත්නම් ට්‍රැවල් කරන එක අමතක කරලා ජීවත් වෙනවා. ඒත් තමන්ගෙ අහල පහලම තියෙන ලස්සනම දේවල් ගැනවත් ගොඩක් අය දැනුවත් නෑ.

එක දවසින් ගිහින් එන්න පුළුවන් ලස්සනම ලස්සන තැනක් ගැන තමයි අද අපි කියන්න යන්නෙ. ඒ තමයි සීතාවක උද්භිත උද්‍යානය. මේ උද්භිත උද්‍යානය පිහිටලා තියෙන්නෙ අවිස්සාවේල්ලෙ. අවිස්සාවේල්ලට ගිහින් සීතාවක යන්න දන්නෙ නැත්නම් ගූගල් මැප් භාවිතයෙන් සීතාවකට ඉක්මනටම ලගා වෙන්න පුළුවන්. අවිස්සාවේල්ල නගරයට ආසන්න පුවක්පිටිය තුම්මොදර ප්‍රධාන මාර්ගයේ ඉලුකෝටිට කියන ගමේ තමයි මේක පිහිටලා තියෙන්නෙ.

අපේ රටේ උද්භිත උද්‍යාන තියෙන්නෙ පහයි. සීතාවක ඇරුණම අනිත් උද්භිත උද්‍යාන වෙන්නෙ පේරාදෙණිය උද්භිත උද්‍යෑනය හග්ගල උද්භිත උද්‍යානය මිරිජ්ජවිල උද්භිත උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයයි. තේරෙනවා නේද උද්භිත උද්‍යානයක තියෙන වැදගත්කම?

මේ උද්‍යානය අක්කර එකසිය පහකින් සමන්විත හරිම සුන්දර උද්‍යානයක්.ලංකාවේ පළමුවෙනි තෙත් කලාපීය උද්භිද උද්‍යානය තමයි සීතාවක කියලා කියන්නෙ.අපේ රටේ කෙනෙක් යනවා නම් රුපියල් පනහක්  වගේ මුදලක් තමයි ඇතුල් වෙන්න ගන්නෙ. විදේශිකයෙකුගෙන් නම් රුපියල් එක්දාස් දෙසීයක් විතර ගන්නවා.

මේ උද්‍යානය බොහෝම මෑතකදි විවෘත කරපු නිසා ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. ඒ නිසා නිදහසේ මේ තැනේ ටිකක් වෙලා ඉන්න ඕනි කෙනෙක්ට පුළුවන්.උද්‍යානයේ පහල කොටස මනරම් ජල පොකුණකින් සැරසිලා තියෙනවා.

බලන බලන අත තියෙන්නෙ හිත මොහොතකට හරි නිවන කොළ පාට.මීවන උයන  තර්ජිත ශාඛ එකතුව මුදුන් උයන කුඹුක රුක් උයන තාල ශාඛ එකතුව කියන කලාප වලට මේ උද්‍යානය බෙදා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නෙ යන කෙනෙක්ට බලාගන ගොඩක් දේවල් තියෙනවා.

ඇතැම් ස්ථාන වල වනාන්තරක සිරිය මේ උද්‍යානයෙන් නරඹන්න පුළුවන්. ඒ වගේම කුරුල්ලො වගේ පොඩි සත්තුන් නරඹන්නත් පුළුවන්. ඉතාම සුන්දර සිසිල් වටපිටාවකින් සැදුන මේ සීතාවක උද්‍යානය එක දවසකින් රිසි සේ විදලා එන්න ඕනි කෙනෙක්ට යන්න පුළුවන්.

යන හැමෝම අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනි කාරණයක් තමයි. මේ පරිසරය විනාශ නොකර තියන විදිහටම නැවති තියලා එන්න ඕනි කියන එක . ඒ වගේම පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් මේ පරිසරයට මුදා හරින්න එපා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *